Monday, October 8, 2012

10. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

 කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කිව්වට, සමහර වෙලාවට මට ඇහිලා තියෙන්නෙ කියන වර්ෂන් නෙවෙයි, මට ඕනැ වර්ෂන් එක. හරියි කියලා හිතාගෙන හිටපු සමහර දේ, කොච්චර වැරදිද කියලා තේරෙන්නෙ, කාලයක් ගියාට පස්සෙ.
පොතක් කියවන කොට
හිතේ මැවෙන්නෙ නැද්ද  මනෝ රූපයක්? 


හැබැයි, චිත්‍රපටයක් බලන කොට එහෙම වෙන්නෙ නෑ. හිතමුකො, මම කියවනවයි කියලා, නිව් යෝර්ක් නගරයේ වීදියක සිද්ද වෙන සිද්ධියක් ගැන. මගෙ හිතේ මැවෙන්නෙ, මම දන්නා කියන තැනක්, සමහරවිට මහා නගරයක් වෙන්න අවශ්‍යත් නෑ. ඒ කතාවම, කාලයක් ගිහින් නැවත කියවන කොටත්, අර මනෝ රූපයෙත් කිසිම වෙනසක් නෑ. ඒකමයි. ඒ මගෙම වර්ෂන් එක.


මම මේ කියන්න යන්නෙ මේකටම අදාල තව දෙයක්. අහල තියෙනවද අපේ අම්මලාගෙ කාලයට අයත් මෙන්න මේ සින්දුව කවදහරි? මමත් අහල නෑ, ඇහිල තියෙනවා. හැබැයි මට ඇහිල තියෙන්නෙම,
“ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි.. රූ බර හූනුවතී…” කියලා මගෙම වර්ෂන් එක . සින්දුව දන්න අයට කේන්ති යන්න ඇති. ඕකෙ නියම වචනෙ, 'රූබර හූනුවතී' නෙවෙයි. 'රූබර වූ යුවතී'. මට මැවිලා පේනව උලුවස්සෙ ඉඳන් බලාගෙන ඉන්න හූනු නෑම්බියක්ව.


එතකොට, අර 'මලක පැතුම' කියන නන්දා මාලිනියගෙ සින්දුවෙ අන්තිම පේලිය,
 
“මගේ පරම පැතුම එයයි..// එතකොට මා ගුටි කරන්න” (හරි එක ‘එමගට මා විසි කරන්න’)


මේ තව එකක්.
 
“සොඳුර සොඳුර මගේ – අඳුර අඳුර මගේ
නොයනු මැනවි දා ආආආ – තනිකර එලියේ..”
 
ඒ පාර නම් අප්සෙට් එකක් නැහැ නේද? වචන ටිකනම් හරියට ආවා තමයි. නමුත් අප්සෙට් එක තියෙන්නෙ චිත්ත රූපෙ. තනිකර එලියෙ දාගෙන යන්නෙ නැතුව, බාගෙට එලියේ දාගෙන යන්න කියලද කියන්නෙ කියල හිතට නැගෙන්නෙ නිතැතින්මයි.


එතකොට…
 
“පා... වේ වලා… ඈ...ත කඳු බලා…” චිත්ත රූපෙ මැවෙන්නෙ වලාකුල් නෙවෙයි. එහෙනං? හොඳටම බීලා සරම උස්සගත්ත (වල් පොරක්) කන්දක් නැගගෙන යනවා. හැබැයි ඕක නම් උනේ අර “ස” ප්‍රසංගයට ගැහුව කුණුහබ්බ කැසට් එක ඇහුවට පස්සෙ.



හරි බඩු ඉවර නෑ නමුත් දැන් සිංහල සින්දු නවත්තමු. මොකද බුවාලට හිතෙන්න පුලුවනි මම සිංහල හෝ ප්‍රබුද්ධ ශිල්පීන් එක්ක යම්කිසි වෛරයකින් පසු වෙනවා කියලා. අනේ එහෙම නම් එකක් නෑ. මම ඔය මෙගා ස්ටාර් තරඟ වලට ගිහිල්ලම නෑ.
හොඳයි, මේක මේ මට විතරක් තියෙන සින්ඩ්රෝම් එකක් කියල හිතන්න එපා. මෙන්න එක ඉංග්‍රීසි සින්දුවක් ඉස්සර මගෙ හොඳම යාලුවෙකුට ඇහුනු හැටි.
 
“ලක්ස් ගාලා හෝදනවා, මම හෝදනවා…ආ-ආ-ආ-. (මොනව බං? එහෙම කියනවද ඒකෙ?)
 
එතකොට මොකක්ද ඔය කියන සින්දුව? කෝ බලන්න අහල.
 
“Love’s gotta hold on my mind…” (ඇත්ත නේන්නං.)


එතකොට Madonna ගෙ “Laisla Bonita” සින්දුව නම් කවුරුත් අහලා ඇතිනේ.
 
මෙන්න තව බුවෙකුට, ඒකෙ එක පේලියක් ඇහෙන හැටි!
 
Last night I had some potatoes… ඌ….ප්ස්!!
 
ඒක ඇත්තටම “Last night I dreamt of San Pedro…” කියන නියම වචන පේලියට වැඩිය ගැලපෙනවා. අහලම බලන්නකො බොරු කියලා හිතනවා නම් . දැං මටත් ඇහෙන්නෙ එහෙම.


හරි සංගීතෙ ඇති.


මං පොඩි කාලේ රේඩියෝ එකේ නිතර ඇහෙන දෙයක් තමයි ” අහවල් රටේ සංචාරයේ යෙදුනු, අහවල් ඇමතිවරයා, අද රාත්‍රී පෙරලා සැපත් වෙයි,” කියන එක. මට මතක් වෙන්නෙම පු‍ටු, මේස, බැරල්, කුණු බාල්දි, පලංචි සේරම අනිත් පැත්ත පෙරලලා, යකා නටලා, සරම උස්සගෙන එන බෙල්ල, බඩ මහත බුවෙක්. මගෙ යාලු බුවෙකුට මතක් වෙන්නෙ පිටරටක ගිහිනුත් කසිප්පු පෙරපු සීන් එකක්ලු. පුදුමයක් නෑ. කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෙ නෑයි කියනවනෙ. ඒ වුනාට රටේ නම්බුව ගැන හිතන්න තිබ්බ. නැත්තං අහු නොවෙන්න පෙරන්න ඕනෙ.



එතකොට Dag Hammerskjöld (ඕක සිංහලෙන් ඩැග් හැමර්ශල්ඩ් කියල කිව්වට ඒක නියම උච්චාරනය නෙවෙයි) කියලා හුඟාක් ඉස්සර ඉඳලා තියෙන එ.ජා. මහ ලේකම් කෙනෙක් ගැන සමාජ අධ්‍යයනයටද කොහෙද කියා දෙන කොට, මට මතක් වෙන්නෙ ඔලුවට ඩග් ගාලා මිටි පාරක් වැදිලා, තරු වීසිවෙන කන්නාඩි දාපු සුද්දෙක්ව. පාරෙ සැරට කට විරිත්තිලා, කන්නාඩි කුට්ටමත් ඇදවෙලා, පාත්වෙලා. 

ඕං බලන්නකො ඒකෙත් හැටි.


ඊලඟ එක නං ඔය බුවාලටත් ලේසි වෙයි. අප්‍රිකානු රටක ජනාධිපති වෙලා හිටිය (Julius Nyerere) ජුලියස් නියරේරේ මහ ජරා වැඩක්නෙ කරන්නෙ, තටමා, තටමා, නියරෙ ඉඳගෙන. අර # 2 වැඩේ. චික් කාටහරි පෑගෙනවනෙ..!


අහලා තියෙනවද පෑම් වෑන් ඩොං (Pham Van Dong) කියන නම? වියට්නාමයෙ හිටපු අගමැති කෙනෙක්. තදයෙක් වෙන්න ඇති නමුත් හරිම සරල නම; සංකීර්ණ චිත්ත රූපය. ඔන්න සුදු පාට වෑන් එකක් තියනවා. (අහන්න එපා ඇයි සුදු පාට කියලා – චිත්ත රූපෙ නෙ!) ස්ටාට් කරලා ෆස්ට් එකට දාලා ‘පෑං” ගාලා යනවා. ඇක්සලරේටරේ අතාරිනවා. 2 න්ඩ් එකට දාලා “වෑං” ගාල වැඩි දුරක් යන්නෙ නැහැ. “ඩෝං” ගාලා සද්දයක් එනවා. කෙලියා නේද තාප්පෙටම?


බෲස් ලී කියන්නෙ මගෙ ප්‍රියතම බුවෙක්. නමුත් නම ඇහන කොට බෲඌඌඌස් ගාලා ලිස්සගෙන යන ලෑලි ගොඩක් හිතට එන එක නං නවත්තන්නම බැහැ.


එතකොට කොෆී අනන් සහ බැංකි මූන් මම ඔය බුවාලට දෙන්නම් ගෙදර වැඩ පැවරුමක් හැටියට. හැම එකම මමම කියන්න ඕනයැ?



එතකොට බණ්ඩාරනායක කිව්වම ළපටි බණ්ඩක්කා කරලුත්, වීරවිල කිව්වම කරවිලත් හිතට නැ‍ඟෙන්නෙ ඇයි කියලා මම තවම කල්පනා කරනවා. සේනානායක පුද්ගලයෙක් නෙවෙයි, කොල පාට මුද්දරයක්. අත්තනායක නම් අත්තක් උඩ ලෝඩ් වගේ ඉඳගෙන ඉන්නවා. හැබැයි වල්ගෙ අත්තෙන් පහලට එල්ලෙනවා. මේක කියවන අත්තනායකලා කලබල වෙන්න එපා – චිත්ත රූපයක් විතරයි – මම කාටවත් කියන්නෙ නෑ.
එතකොට පොළොන්නරුව කිව්වම ඔය බුවාලට මතක් වෙන්නෙ පොළොංගුද? මට නං මතක් වෙන්නෙ පොළොස් ඇඹුලක්. කිරිබත්ගොඩ, දෙල්ගොඩ වාගෙ දේවල් කතා නොකර ඉම්මු මොකද පෝස්ට් එක දිග වැඩි වෙන නිසා.
 
එතකොට කෝච්චියෙ යන අයට මතකද, 'ධූමරථ මාර්ගයේ වැඩ කරන්නන්ට තුවාල වියහැකි කිසිවක් ‘ජතේල’ වලින් පිටතට වීසි කිරීම' ගැන දැන්වීම? එතකොට ‘ගර්භිත’ බස් වලට බබා හම්බවෙන්නෙ කවද්ද? (ගර්හිත යි වචනේ කියලා දැනගත්තම පුදුම හිතුනා)


එතකොට දැං වගෙ නෙවෙයි ඉස්සර. හරියටම ලඩකා බැඩකුව ලඟම තමයි ලඩකා බනිජ තෙල් නීතිගත සංස්ථාව තිබ්බෙ. දවසක් ගින්නක් ඇතිවෙලා තව පොඩ්ඩෙන් හරිම ‘බේදවාවකයක්’ තමයි වෙන්නෙ. අම්මෝ එහෙම කාලයක්! කියලා වැඩක් නෑ!


දවසක් රවි කියලා මගෙ යාලුවෙක් කියනවා (රවි සීමන් කෙනෙක්, නිදහසෙ හිතන එකා නෙවෙයි  ) ‘මචං ඔය ඕස්ට්‍රේලියාවෙ හැදෙන එක ඇපල් ජාතියක් කොච්චර ලොකුද කියනවා නම්, දුසිමට හයයි අල්ලන්නෙ’ කියලා. අනිකා ‘ආ ඇත්තද?’ කියලා පුදුම වුනා. කොහොම තියෙන්න ඇත්ද උගෙ චිත්ත රූපෙ!


මම ගෙදර වැඩ දුන්නනෙ.
ආ, මෙන්න දැන් කරන්න අභ්‍යාසයක්.

පහත සඳහන් දේ වලින් මොනවද මැවෙන චිත්ත රූප?

  • එයන්න ජින්ජිමයන්න මයන්න – එංජිම (දකුණෙ බුවාලා එයනු ජින්ජිමයනු කියලා පරිවර්තනය කරගන්න. අවුලක් නෑනෙ? මම බස්නාහිරයා)
  • පයන්න අතලෝයන්න ලයන්න – ප‍තෝල (මේක පොඩි නැන්දාගෙන් – එයා ඒක රඟපාලම පෙන්නනව)
  • දුයන්න අංකලනැයන්න අල් ටයන්න ටයන්න -දුංකල නැට්ට (මේකත් පොඩි නැන්දාගෙන් – පිස්සුව පරම්පරාගතයි කියල දැන් තේරෙනවා නේද?)
  • බයන්න යයන්න සිකල් කයන්න, සීට් එක උඩ කබල් ලයන්න – මොකක්ද? කියමු බලන්න පොර නං..? හික් හික්. බයිසිකල් කබල්. (ඒත් එයාමයි)
  • පී- යූ- ඩිං- ඩිං- අයි- එන්- ජිං – පුඩිං (සීවලී වීරතුංග- එංගලන්තය = You won’t read this)
  • ධර්මාරාම ‘ධ’යන්න (අහංගම ධර්මාරාම හිමි – නාලන්දා විද්‍යාලය, කොළඹ – ඔය ‘ද’යන්න නෙවෙයි පුතා..ධර්මාරාම ‘ධ’යන්න!)

දැන්, මම වැඩ පාලු කරගෙන මේක කියවපු කට්ටියගෙන් එක ඉල්ලීමක් කරනවා. මම හොඳටම දන්නවා මේ චිත්ත රූප දකින්නෙ මම විතරක් නොවන බව. ලැජ්ජාවට කියන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ. ඔන්න ලැජ්ජාවක් නැති මම පටං ගත්තා. ඉතිං ඔ‍ෆිස් එකේ නං ඉන්නෙ, බොසා දකින්න කලිං, ඇරගන්න Excel Spreadsheet එකක්. ආ… දැනටම ඇරගෙනද ඉන්නෙ? එහෙනං අනින්න comment වලට. දැන් Spreadsheet දිහා බල බල හොඳට කල්පනා කරලා, comment box එකේ ලියන්න තමන් දැකලා තියෙන චිත්ත රූප ගැන. ලියාගෙන යනකොට බුවාලටම තේරෙයි, මට විතරක් නෙවෙයි පිස්සු කියලා.

මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පලවූවකි.

68 comments:

  1. .සිරාම හරිය මේ කතාව, ඇත්ත අයියේ ඔහොම සීන් එකක් තියෙනවා තමයි. ගොඩක් තියෙනවා ....ඒත් බං දැන් නිදිමතේ ඉන්නෙ. අර colonial cousins ලගේ ක්‍රිශ්ණා සිංදුවෙ come back and Jesus කියන කෑල්ල ඉංග්‍රීසි නොදන්න කාලෙ මට ඇහුණෙම සඳ කැන් චීසස් කියලා. චීසස් කියන්නේ මොකද්ද කියලා නම් අහන්න එපෝ..
    එතකොට ඊගල්ස්ලගෙ හොටෙල් කැලිෆෝර්නියා මට තාමත් ඇහෙන්නේ මගේම වර්ශන් එකක් තමයි, එළකිරි. ජයවේවා ,,

    ReplyDelete
    Replies
    1. හොටෙල් කැලිෆෝර්නියා කිව්වම ගයන්න බිදුව ජායන්න මතක් වෙයි THC (The Hotel California) වලට welcome කියන බව දැනගත්තම.

      Delete
    2. On a dark desert highway,
      cool wind in my hair
      Warm smell of colitas,
      rising up through the air

      කොලිටාස් කියලා තියෙනවානේ... එතකොට ඔය කතාවෙ වරදකුත් නෑ මචං

      Delete
    3. ඔය තියෙන්නෙ. මට තනි නැත. මං වගේ පිස්සෝ රජරටද සිටිති.

      Hotel California කිසිදා එපා නොවෙන සින්දුවක් මටත්. අර Green Green Grass of Home වගෙ. ඔව් ඔය සින්දුවෙන් කියවෙන දේ ගැන නොයෙකුත් මතවාද තියෙනවා, අර ප්‍රභාත් කිව්වා වගෙ. ඒත් සින්දුව නම් මාරයි. මගෙ හීනයක් වෙලා තිබ්බෙ අර ගිටාර් පාර ගහන්න ඉගෙනගන්න වරද්දන්නෙ නැතුව.

      Delete
  2. මට මැවෙන චිත්තරූප දාන්නනම් තව බ්ලොග් පොස්ට් එකක් දානන වෙයි. සමහර එව්වානම් හිතෙම තියන එක හොඳයි නැත්නම් පස්සෙ දවසක කියවනකොට මටම ලැජ්ජා හිතෙවි. henryblogwalker කියලා කියවනකොට මොකක්ද දන්නවද මගේ හිතෙ ඇඳෙන්නේ ..........................................................................

    …එක්කො ඕනෙ නෑ

    ReplyDelete
    Replies
    1. මටත්... හි හි...

      බිලොග් එකෙන් බ්ලොග් එකට පැන පැන යන, හාවෙක් වගේ ලොකු කන් දෙකකුත් එක්ක, අර වෝකර් එකකට බර වෙලා දත් සෙට් එක එළීයට පනින හිනාවකුත් එක්ක ඉන්න එක්කෙනෙක්... ඒ අස්සට අර Star Wars එකේ කෑල්ලකුත් මතක් වෙනවා.....

      ඔයාටත් එහෙමදෑ........

      Delete
    2. ජෝන් උඹ ගම කන්න ඉස්සෙල්ලා මම කියන්නංකො. මට මතක් වුනේ Luke Skywalker සහ Johnny Walker මටම නම දාගන්න ඉස්සෙල්ලා. මට හිතුනා ඒක හරි කූල් නමක් කියලා. බලාපංකො අර හිරූට හිතිලා තියෙන එක. යකෝ Bugs Bunny වාගෙනෙ. :D

      Delete
  3. "රූ බර වූ යුවතී" කිව්වම මට ඇහෙන්නේ චූ බර කියල වගේ.. කොයිබද ලඳේ සවාරි.. කොයිකද ලන්දේ..ඒ වගේ..තව තියනවා..දැන් නම් කීබෝර්ඩ් එක කොට්ටෙට ගන්න හිතෙන වෙලාව.. මධ්‍යහ්න 3am..:) තව ලඩක (කොහොමද ඒක ලිව්වේ) කියල සඟරාවක් තිබුනා අපේ ගෙදර.. මං ඒක කියවන්නෙත් ලඩකා කියලා."දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ.. පාක් කරනු බෑ.." ඇති ඇති..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ. චූ බර වූ යුවතී කිව්වාම රූ බර හූනුවතී කොච්චර හොඳයිද කියලා හිතෙනවා.

      මට ඔය මොකක්දෝ හින්දි සින්දුවකුත් ඇහිලා තියෙනවා
      'අයියෝ බෑ ඈ, චූ බර වාගේ,
      මට මේ රෑ, චූ බර වාගේ'
      කියලා.

      I can't park my eyes! :D LOL

      Delete
    2. හී හී! මටත් ඇහෙන්නේ ඔහොම නේ! :D

      Delete
  4. හපොයි ගොඩක් ඒවා තියනවා. ඒත් හිනායන්නෙම 'කුච් කුච් හෝතාහේ' කියන හින්දි ෆිල්ම් එකේ එන සිංදුවක කෑල්ලක් ඇහෙන හැටි.

    'දේඛෝයේ පගලී' කියන එක මට ඇහෙන්නෙම 'මේ කෙල්ල බතලී' කියලානේ...:D:D:D

    ReplyDelete
    Replies
    1. හින්දි ද හාපෝ....දැන් බලන්න අර "හම් දිල් කේ චුකේ සනම්"..ඔක මට දැනෙන්නෙම "හං දිල් ගේ *කේ සබන්" වගේ (චිත්ත රූපනෙ...අප්පා)

      Delete
    2. ඔය තියෙන්නෙ. හපෝ හින්දිද? :D

      Delete
  5. අපෝ.... ඕන තරම්.... තාම නිදිමතේ ඉන්නේ.. ඒ හින්දා මතක් වෙන්නේ ටිකයි..අර මම පොඩිම කාලේ නාමල් උදුග්මගේද කොහේදෝ සින්දුවක් තිබුන : සඳ කුමාරියක් දීගෙක යනවා " කියලා. මට ඕක ඇහෙන්නේ සඳ කුමාරියක් ඉස්මෙට යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. සද කුමාරියක් එක්ක දීග යන්න හදන්නේ නාමල් උඩුගම නෙමෙයි මාලෝ... ප්‍රින්ස් උදය ප්‍රියන්ත

      Delete
    2. කියන්නෙ මේ නිකං ඇඹුල් දොඩම් ඉස්ම, ඉඟුරු ඉස්ම වාගේ... :D

      Delete
    3. නාමල් නයාටනේ කතා කරන්නේ.."සදාදර නයෝ ඔබේ"..ඉතින් එකේ ඉතුරු කොටස මගේ වර්ෂන් එකට ගත්තම "අවමංගල දිනේ" වෙනවා. නයි එක්ක මොන මගුල් ද!! ප්‍රින්ස් ගේ සින්දුව මට ඇහෙන්නේ "සඳ කුමාරියක් නාන්න යනවා" වගේ..

      Delete
    4. ඇයි බං අර තව හින්දි සින්දුවක් තියෙන්නෙ, "නයා කොයි ගුල් ගියාදෝ හා" කියලා. නයා කොයි ගුලටද රිංගුවෙ? :D

      Delete
  6. අර ලොකූ කියන්න වගේ හිතේ වැවෙන චිත්ත රූප සමහරක් එව්වා නම්..ප්‍රසිද්ධියෙ කියන්නෙ කොහොමද අප්පා ?

    ReplyDelete
    Replies
    1. ඉතින් බං සෙන්සර් කරලාවත් දාන්න පුලුවන් මට්ටමේ එකක් වත් නැත්ද ඔය ගොඩේ? :D

      Delete
  7. කූල් ඇන්ඩ් ද ගෑන්ගේ ගෙඩ් ඩවුන් ඔන් ඉට් මම කියන්නේ එන්නම් නොනේ කියලා තාමත් එහෙමයි. දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න.. ඒක කියන්නේ තට තාත්ති ඇවිදින් කියලා.. වෞලක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. උඹ ඕක කිව්වාම මටත් මතක් වුනා එකක් ඔය වගේම. මේ දිව අගම තියෙනවා. පස්සෙ අම්තක් වුනාම දාන්නම් මීට යටින්.
      උඹලා කියන ඒවට මට අලුතෙන් චිත්ත රූප මැවෙන්න පටන් අරන් ඕං. :)

      Delete
  8. මෙන්න තවත් චින්තකයෙක් පහලවෙලා. නියමයි ඩූඩ් ඔයාට එකපාරටම මේව මතක් වුණේ ඇයි කියල මට හිතෙනවා.ශබ්දාරථයක් එක්කම එන රූපාර්ථයට ඔබ නියම උපහැරණ ටිකක් දීල තියෙන්නේ.ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. මේවා මචං ගිය අවුරුද්දෙ ඉස්සෙල්ලම මතක් වුනේ. අර foot note එකේ දාලා තියෙන්නෙ.
      උඹ ඒකට නියම අර්ථ දැක්වීමක් කරලනෙ.

      හනේ, ඒක නෙවෙයි බං. උඹේ අර සමකය වටේට කොහොමද බං කමෙන්ට් දාන්නෙ. උඹ මොන අපරාදයක් කලාද ඒකට. දැන් මොන විදියෙන්වත් දාන්න බෑනෙ බං. ඊ තල දෙක කැරකි කැරකි ඉඳලා error message එනවා. අර හිරු හිමාවිගෙ බ්ලොග් එකත් ඒවගෙ. පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ කමෙන්ට් එකක් දාන්න.

      Delete
  9. Replies
    1. සෙන්සර් කරලා සැර අඩු එකක් ඔන්න ඔහෙ දාමු spider the DETECTIVE. :)

      Delete
  10. කොහෙන් පටං අරං කොහෙන් ඉවර කරන්නද....

    “Laisla Bonita” මේක මං තාමත් කියන්නේ මගේ වර්ෂන් එක තමා.. එක වචනයක්වත් හරියට දන්නේ නෑ....
    බෲස් ලී කිව්වම මට මතක් වෙන්නෙම බණ්ඩක්කා කරලක්....
    පාවේ වලා එක නම් ඩූඩ්ට මැවිච්ච එකම තමා...
    ලඞකා බැංකුව ගැන කතා කරලා වැඩක් නෑ.. අන්තිමයි...

    තව තියෙන ඔක්කොම මතක් වෙන්නෙ නෑ අප්පා.. මොකෝ මේවා හංගන් ඉන්නේ නේදෑ... බලමුකො.. ඉන්න තරමක් කට්ටිය පුදුමාකාර චිත්ත රෑප මැවීමේ දක්ෂයො නොවැ......

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා. කට්ටියම චිත්ත රූප මැවීමේ අති දක්ෂ නිර්මාණ ශිල්පියො. ආයෙ මතක් වුනොත් ඇවිත් දාන්න. කලෙක්ෂන් එකට හොඳයි. :)

      Delete
  11. හොද පොස්ට් එකක්...මැච් එක පැරදිච්ච එකත් අමතකයි දැන්.... :D

    අපි හැමෝටම ඔය වගේ චිත්ත රූප මැවෙනවා. ඒවා ඔරිජිනල් එකට වඩා මාර රසවත්, ඒ වගේම නිර්මාණශීලියි.

    ReplyDelete
    Replies
    1. අල්ලලා දාහං බං මැච් එක. මේ සමහරුන්ට බෝල් කරන්න දෙන්නෙ ඇයි කියලා මට නම් හිතාගන්නවත් බෑ. මම බැලුවේ ඊයෙ එක විතරයි සීරීස් එකෙන්ම.

      ඇත්තෙන්ම ඔව් සුමිත්. චිත්ත රූපෙ ඔරිජිනල් එකට වඩා නිර්මාණශීලීයි.

      Delete
  12. මලේ හැන්දෑවේ වහින වෙලාවේ...(ක්ලැරන්ස් )

    ඔය සින්දුව ඇහෙනකොට මට මළගෙයක් මතක් වෙනවා බං... තව ඔය වගේ ගොඩක් තියෙනවා දැන් මතක නැහැ..

    ReplyDelete
    Replies
    1. තව ඇති. තව ඇති. සංගීතය කරන චමීලා ගාවා තව කොච්චර චිත්ත රූප ඇත්ද?

      Delete
  13. මටත් ඔය වගේ කේස් එකක් තියෙනව යන්තමට වගේ, මම හිතන් හිටියෙ ඒක මට විතරක් තියෙන කේස් එකක් කියල. ඔය පොඩි දවස්වල නම් සිංදුවල වචන වැරදියට තේරුම් ගතිපුව නම් ගොඩක් තිබ්බා, වැඩේ කියන්නෙ වචන වරද්දල වුනත් ගිරිය පුප්පගෙන ගමටම ඇහෙන්න ඔය සින්දු කියනවනේ ඒ දවස්වල. දැන් මතක් වෙනකොටත් ලැජ්ජත් එක්ක, ගෙදර මිනිස්සු හිතන්න ඇති මූට පිස්සුය කියල.
    අනිත් කාරණය මගේ ජීවිතේ සමහර අවස්ථා සමඟ මිශ්‍ර වුනු සිංදු, ජීවිතේ සමහර අවස්ථා කිව්වෙ වැදගත් එව්වමත් නෙවි. අදටත් ඒ සිංදු ඇහෙනකොට මට අද වෙච්ච දේවල් වගේ ඒ මතකයන් හිතට එනව. ඒ ෆීලින් එක නම් වචනයෙන් විස්තර කරන්න බෑ. අනික මම ඒ දවස්වල ඉඳල කාටුන්වලට හරි ආසයි. ඉතිං සැබෑ ජීවිතයෙ මම අහන සමහරක් දේවල් මට මතක් වෙන්නෙ අර කාටුන් චරිත ආදේශවෙල, ඒකෙත් යම් වින්දනයකුත් නැතුවම නෙවෙයි. ඊළඟට නරකම දේ සැබෑ ජීවිතයෙදි අන්ඩු කරන්න යෑම. මොනව හරි කරන්න ගිහින් වැරදුනු හැම වෙලාවකම වගේ මට හිතෙනව ‘ෂිහ් ... මේක අන්ඩු කරන්න තිබ්බනම්‘ කියල. (මට පිස්සු කියල කවුරුවත් හිතනෙකන් නෑ කියල හිතනව. :))

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම DDT, ජීවිතේ සමහර දේවල් undo කරන්න පුලුවන් නම් කොච්චර ලේසිද? ම්ම එහෙනම් වෙනස් කරන දේවල වලින් එකක් තමයි ගමෙන් පිට වෙලා කොහෙ හරි වෙන්දේසි ඉඩමක පදිංචියට යන එක. හයියෝ, තව කොච්චර දේවල් තියෙනවද? undo නොකරන දේවලුත් හෙන ගොඩක් තියෙනවා.

      උඹට පිස්සු නම් මුලු ලෝකෙටම පිස්සු. උන් උඹ වගෙ ඇත්ත කියන්නෙ නෑ. ඒකයි වෙනස.

      Delete
  14. මටත් ඔහොම ගොඩක් ඒවා තියනවා! "මධුර යාමේ" සින්දුවේ දෙනෙත පොපියයි කිව්වාම මට මතක් වෙන්නේ ඇස් ලොකු කරන් බලන් ඉන්න තඩි ගෙම්බෙක්!
    හින්දි සින්දු නම් ඔක්කොම මගේ වර්ෂන් තමයි!

    ReplyDelete
    Replies
    1. සුතුවිලි සිතු, හෙහ් හෙහ්, ඒ කියන්නෙ මේ POP EYE වගෙ. Eyes popping out. :D

      Delete
  15. මටත් ඔය රූ බර වූ යුවති ඇහෙන්නේ චූ බර වූ කියල තමයි. ලඩකා බැංකුවත් එහෙමයි. පොඩි කාලේ මට මගේම වාසගම ගැන එහෙම හිතුනා අතුකෝරල කියන එක මෙහෙ ඉන්න සමහර ජාතිවල අය කියන්නේ අත කෝ රාළ කියල එතකොට මට හිතෙන්නේ මේ තියෙන්නේ බන් කියල පෙන්වන්න. හිකිස්... නියම පොස්ටුව.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මේ කෝරළේ මහත්තයා වගෙ පොඩි උන් අපේ අම්මලෑ කාඅලෙට අයිති ඔය සින්දුව අහලා වත් නැතුව ඇති කියලා. :)

      Delete
    2. මගේ මාමණ්ඩි වාහනේට නැග්ග වෙලාවේ ඉඳන් ඔය අත්තා මුත්තා කාලේ සින්දු තමයි පට්ට ගහන්නේ මෑන් හොඳ සංගීත ලෝලියෙක් :) අනෙක ඩුඩ් අයියේ මම බනි එක්ක සෙට් උනාට පස්සේ තමයි ඔය පරණ සිංහල සින්දු අහන්න ගත්තේ ඇත්තටම ඒවගේ තියෙන කොලිටිය අදකාලේ ඒවගේ හොයන්නවත් නැහැ හරිම අර්ථවත්

      Delete
  16. හි හි..මම මේ පෝස්ට් එකට කැමතියි අන්කල්..මුල ටිකට තමා ගොඩක්ම..:)
    ජයම වේවා!.

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න මට සෑහෙන කල්පනා කරන්න වුනාට, බලාගෙන ගියාම ඒකෙන් පාඩුවක් නෑ වගෙ.:)

      Delete
  17. ඔහොම චිත්ත රූප නම් අනන්ත මැවේ.. කරුමෙ කියන්නෙ දැන් එකක්වත් මතක් නොවේ..

    "මගේ ඩෙනිම" කිව්වම ඒකෙ මගේ වර්ශන් එක "මගේ වෙඩිම" වුනේ කොහොමද කියලා මම තවම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සෙන්නා එකට හේතුව අපි අකුරු කියවලා නෙවෙයි හැඩයෙන් තමයි වචන කියවන්නෙ, 'වෙඩිම' සහ 'ඩෙනිම' රූපයෙන් සෑහෙන දුරකට සමානයිනෙ. ඒක වෙන්න ඇති හේතුව.

      Delete
  18. හිකිස්‌ :D
    හලේ.. මං පණුච්චි වගේ තව එක්කෙනෙක්...
    මට තියෙන ඔහොම චිත්තරූප ඒවා ලියන්න ගියොත් පොතක් එළිදක්වන්න පුළුවන් .. වැඩියෙන්ම ඉංග්‍රීසි සිංදු...
    මේ පෝස්ට් එක නම් ශෝක්...

    ReplyDelete
    Replies
    1. පණුච්චි ඔයාගෙ බ්ලොග් එක අතුරුදහන් වෙලා තිබ්බනෙ මම බලනකොට. දැන් හරිද? ඉතින් ලියන්නකො චිත්තරූප ගැන පෝස්ට් එකක්.

      Delete
  19. මුලින් ටික කියවනකොට නම් මම හිතුවේ ඩූඩ්ගේ කන පොඩ්ඩක් පරීක්ෂා කලේ නම් මේ තත්වයට ක්ෂණික විසඳුමක් දෙන්න පුළුවන් වේය කියලයි.. ඒත් අග හරිය වෙනකොට නම් හිතුනේ Whole circuit එකම චෙක් කරන්න වේවි කියලයි.. හික්ස්ස් :D මාර ඒවානේ හිතෙන්නේ අප්පා... එයනු ජින්ජිමයනු කියලා අපි වෙනුවෙන්ම වෙනම පරිවර්තනයකුත් දාලා.. එල!
    මොනා වුනත් මටත් ඔයවගේ එකක් ඇහිලා තියනවානේ.. අර ටී එම්ගේ "රත්තරන් නෙත්දෙකින් සළා සිහිල් පවන්" ගීය මට ඇහෙන්නේම රත්තරන් රෙද්දකින් සළා සිහිල් පවන් කියලානේ.. අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ ඩොකාලගෙ තියෙන අවුල. අපිට කිඹුහුමක් ගියත් ටෙස්ට් ගනනාවක් කරවන්න තමයි ට්‍රයි එක. :D

      අර කිව්වත් වගේ රෙද්දකින් පවන් සැලුවත් නෙත්දකකින් පවන් සලන්නෙ කොහොමද කියලා මම මේ අලුතෙන් කල්පනා කරනවා! :D

      Delete
  20. ඒ දවස්වල... ඒ කිව්වෙ එක වසරෙ දෙක වසරෙ විතර ඉන්න කාලෙ උදේ රැස්සීමෙදි කියන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවක් අපේ පන්තියෙ ළමයි අතරෙ තිබ්බ.

    “ආ යූ සීපිං, ආ යූ සීපිං - බදර් ජොං, බදර් ජොං
    මුනිඹෙසරීගිං, මුනිඹෙසරීගිං - ඩිං ඩොං බැල්, ඩිං ඩොං බැල්“

    ReplyDelete
    Replies
    1. පරිකල්පන, පට්ටම සින්දුවක්නෙ ඒක. මේ මගෙ ගෝලයෙක් මට කියනවා ඌ ඉගෙනගත්තලු සින්දුවක් LKG එකේදි (ළදරු පාසැල). 'Uncle, Uncle Utilistar' කියලා. :D

      Delete
  21. ආල පිරූ මා ගැන දන්නැද්ද රිලව් වත්... (ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්) :)

    ReplyDelete
    Replies
    1. හි .. හි... රන් සමනළ ජෝඩු බබාගේ... (රන් සමනළ ජෝඩුව වාගේ) :)

      Delete
    2. ඒකත් මරු.:)

      Delete
  22. මතක් වෙනකොට නොලිය කොහොමද... නැන්දම්මා මගේ කොමල සාගරේ (තන්ගම්මා මගේ කොමල...ෆ්‍රෙඩී සිල්වා ද මන්ද කියන්නේ)
    අපේ කොල්ලෙක් ලක්මාලි කියල කෙල්ලෙකුට ට්‍රයි කළා. කෙල්ල බෑ කිව්වා. ඊට පස්සේ ඌ කියන්නේ "එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැති වුනා." කියල. ඌ ගෙදර පුංචි පුතා..

    ReplyDelete
    Replies
    1. එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැතිවුනා
      ඒ කෙල්ලට නැතී....වුනා...
      සිරාවටම නැතී...වුනා...
      :)

      Delete
  23. පොඩි කාලේ පත්තර වල ගණිකාවන් කියලා තියන කොට මම හිතුවේ Accountantsලා කියලා

    ReplyDelete
    Replies
    1. සිරාවටම? බං චන්දන මම හිතා හිටියේ ගණං හොඳට පුලුවන් කෙල්ලො කියලා. accountant කියන වචනය මම දැනගෙන හිටියෙ නෑ. ඇයි මෙහෙම අපිව නොමග යවන වචන භාෂාවෙ තියෙන්නෙ, නේ?

      Delete
  24. අඳුර අඳුර මගේ සින්දුවේ 'නොයනු මැනවි දා තනිකර එළියේ' කියන්නේ අනේ සොඳුර, තනිකර එළියේ දාගෙන යන්න එපා, ටිකක් හරි වහගෙන යන්න කියන එකයි.

    ටී.එම්. ට තදවෙලා එක දවසක් මෙහෙම කිව්වලු. නොබලන් වැඳිරිය ඔරවා මාදෙස වපර තොගේ දෙනෙතින්. ආයෙත් බැලුවොත් දෙන්නේ දත්ටික බඩටම යන්න ඉතින්.

    බයන්න, සිකල් ලයන්න, බැඳි කබල් ලයන්න, බැඳී බකල් ලයන්න = කසි කබල් බයිසිකල් කබල.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. ඔය තියෙන්නෙ. තව ඇති කලපනා කරලා බැලුවොත් වෙනත් වර්ෂන් වලින්. :)

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. සුදු නංගියේ මට තැලුවට හතරට පහට සන්තකටම මට තිබුනේ ඔබගේ දයාව... මම බස් වල යද්දී ඔලුව විකාර වෙනකල් කල්පනා කරන්නේ කොහොමද එහෙම තලන්නේ කියල. තව ඇලි මැළි කම් පූ කරවන වැය වන සිරුරට පන දෙන හෙළ ඔසුවකි සුවෙන්සු. ඕක නම් ඉස්කෝලෙදි කෑ ගහල කියල චා උනා නැති වෙන්න. මතක් වෙන්නේ ඔච්චරයි අප්පා.

    ReplyDelete
  28. Titus කියන 1 මම කියවන්නේ ටිටුස් කියල එතකොට මට මැවිලා පේන්නේ ලොම් හැලිච්ච නාටු ගැහුන කබ පෙරාගත්ත නාකි බළල් තඩියෙක්ව කටුස්සෙක් වගේ. මේක එල පොස්ට් 1ක් මතක් වෙන ඔක්කොම කියන 1 ජුගුප්සජනකයි වගේ. හිකිස්.

    ReplyDelete
  29. අයියෝ ඩූඩ්... මැරෙන්න හිනා උනා මේක කියවලා... පොඩි උන් දෙන්න ඇස් උඩ තියන් බලන් ඉන්නව අම්මට මොකද වෙලා තියෙන්නෙ කියල....
    සමහර ඒවට මැවෙන චිත්ත රූප ගැන නම් කියල වැඩක් නෑ... බ්ලොග්වෝකර් කිව්වම මට මැවිල පෙනුනෙ අර යෙලෝ පේජර්ස් ඇඩ් එකේ පිටුවෙන් පිටුවට දුවන ඇඟිලි දෙක වගේ එකෙක්ව... :P

    ReplyDelete
  30. අර නන්දා මාලනි ගයන වාසනාව ඇගේ නෙතයි( ආදරයේ කෝඩු කාරයෝ ) සින්දුවටත් චිත්ත රූප වලටම ගැලපෙන දර්ශන වගයක් දාල Music video එකක් කරලා තිබුන ජාතික රූපවාහිනියේ කට්ටිය.

    චීනයේ හිටපු නායක චූ එන් ලායි (චෞ එන් ලායි) මහතාත් අපි පොඩි කාලේ අපේ හිත්වල වෙනස් රූප මවපු කෙනෙක් .

    ReplyDelete
  31. හරි. මමත් තනි නැත. මටත් අපුරු ක්‍රමවේද තියේ. මිනිස්සුන්ගේ නම් එහෙම මම මතක තියාගන්නේ අමුතුම විදියකටය. ඒ මිනිස්සු එක්ක විවිධ දේවල් මතකයට එයි. සමහර කෙනෙක්ගේ නමක් කියද්දී මැවෙන්නේ චීස් බෝලයකි. සමහර කෙනෙක් කියද්දී මතක්වෙන්නේ පැන්සලකි. :)

    ReplyDelete
  32. මම හුඟක් කල් හිතාගෙන හිටියෙ මර්වින් පෙරේරෙගෙ
    ඔබ දේදුන්න ආකාසයේ හංගා තබා යන Technique බලා කියලනෙ

    තව තියෙනවා...
    මම දන්න තැනක් තිබුණා Titus Stores කියලා... ඕක සිංහලෙන් ලියලා තිබුනෙ ටයිටස් සෙටාස් කියලා....
    ඉතිං මම හැමදාම කියන්නෙ ටිටුස් සෙටෝස් කියලා.

    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනවුවක් කියන එකට මට මතක් වෙන්නෙ
    සෙවෙල පෙරූ මා ගැන දැන් නැද්ද නිනවුවක් කියලා

    තව තියෙනවා... ප්‍රසිද්ධියෙ කියන්න බෑ අප්පා....
    සමහර සිංදු තියෙනවා ඒවා ඇහෙනකොට මතක් වෙන්නෙ සුදු කෙල්ලො කීප දෙනෙක්... ඒව කියන්න ගියොත් පවුල් ජීවිතේට පස්න....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>