Tuesday, October 23, 2012

16. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

තිලකයා අපිට වඩා තරමක් සීනියර් බුවෙක්.  

මුලදි අනුරයි (ACR), මායි තිලකයට කිව්වෙ Santana කියල. මොකද මේකාත් Carlos Santana වගේ කොන්ඩෙ දිගට වවලා හිටිය නිසා.. 

පස්සෙ අපි මූට කොන්ඩ තිලකයා කියලා කියන්න ගත්තා.  ඒ කොන්ඩෙත්, කැරළි ගැහුනු, පිට මැද්දට වැටෙන, නමුත් ඇද්දාම ඒ වගේ දෙගුණයක් දිග තිබ්බ කොන්ඩයක්. වැඩ කරන වෙලාවට පෝනි ටේල් දානවා, වැදගත් ගමනක් යනකොට පෝනි ටේල් එකම කමිසය අස්සට ඔබනවා. එතකොට පිටේ ලොකු මොල්ලියක්. Soft Hump එකක්.

 මෙම ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනට කොටන්න.

තිලකය ඉලෙක්ට්‍රොනික් වැඩට ඔස්තාද් වුනාට රස්සාව Cartographer (සිතියම් නිර්මාණ ශිල්පී, මම හිතන්නෙ - වැරදි නම් කියන්නකො) 

මේ ලඟදි එකෙක් ඇහුවලු, "උඹ මොකද බං තිලකෙ කරන්නෙ කැම්පස් එකේ?" කියල. 
මූ කිව්වලු "Cartographer බං,"කියල. 
එතකොට අරූ අහනවලු, "ඈ බං.. ඒ කියන්නෙ උඹ කරත්ත දක්කනවද?" කියල. 
"නෑ බං මම කරත්තෙ බඳින ගොන්නුන්ට ලාඩං ගහනව," තිලකය කියලා.




රටේම තියෙන පරණ  Volkswagen Beetle ලඩි ඔක්කොම තිලකයාගෙ ගේ වටේට ගෙනත් දාගෙන තියෙන්නෙ.  ඇහුවම කියන්නෙ උගෙ මල්ලිගෙ කියලා. කොහොම හරි පරණ යකඩ වලට පුදුම ආදරයක් තිලකයගෙ තියෙන්නෙ.

තිලකය ඉන්නෙත් වලි පුරයක් කිට්‍ටුව.දවසක් මම  මොකක්ද වැඩකට ඔය පැත්තට ගිහින් එනකොට තිලකයා ඇහුවා 'කොහෙද බං උඹ ගියේ?' කියලා. මම ඉතිං කිව්වා උවමනාව. "මචං, මම නං..."තිලකයා කියනවා, "...මෛත්‍රී බුදු හාමුදුරුවො ඔය පැත්තෙ නා ගහක් යට බුදු වෙලා ඉන්නව කියල ආරංචි වුනත්, මේ වෙලාවට ඔය පැත්තෙ යන්නෙ නෑ. පහුවදා උදේට තමයි යන්නෙ."

ඉස්සර අපේ ගැන්සිය සෙට් වෙන (ස්)පොට් එකක් තමයි තිලකයගෙ කාමරේ. විශේෂයෙන්ම, උගෙ පරණ රස කතා අහන්න. අපි කොච්චර සිගරට්, සැර ජාති බිව්වත්, ඌ දුම් වලාව මැද්දෙ ඉඳගෙන අපේ බයිට් එක විතරක් කකා, කතන්දර කිය කිය ඉන්නවා. ඉතිං අපි අර සුප්‍රසිද්ධ "ඒයි, උඹ අපේ බයිට් එක ඩයට් එක කරගන්න එපා හරිද," කියන ස්ලෝගන්  එක නැවත නැවතත් වාදනය කරනවා.

ඉස්සර අපේ තිබ්බ චාරිත්‍රයක් තමයි මුගේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක  "අඩෝ තිලකයෝ!!" කියල යටි ගිරියෙන් කෑ ගහගෙන ඉගිල්ලිලා යන එක. මූත් ඒ වාගෙම, අපේ ගේ ගාවින් යන ඕනැම ‍රැයක, ඕනැම වෙලාවක  "අඩෝ හෙන්රියෝ!!" කියල යටි ගිරියෙන් කෑ ගහගෙන ඉගිල්ලිලා යනවා. අපි ඕකට කිව්වෙ කාඩ් එක පන්ච් කරනවා කියල. මම සමහර වෙලාවට උඩ විසිවෙලා ඇහැරෙන්නෙ ගල් පාන්දර, මුගෙ කාඩ් පන්ච් කිරිල්ලට. අපේ තාත්තා සමහර දවස් වලට අහනවා, ඊයෙ රෑ තිලකෙ ගියා නේද පාරෙ කියලා.

මුගෙ තියෙන තවත් යල් පැනපු විහිලුවක් තමයි, මම බස් එකේ යනකොට මුගෙ ගේ ලඟ හෝල්ට් එකේ නැවත්තුවහම, "ඒයි හෙන්රියො පොඩ්ඩක් හිනාවෙයං, උඹ ඉන්නවද කියල බලන්න. මොකද මුගෙ දත් ටික විතරයි සුදු. හිනාවෙනකොට විතරයි පේන්නෙ මූ ඉන්නවද කියල." කියල කෑ ගහල කියන එක. බස් එකේ මිනිස්සු හිනා වෙනවා මුගෙ විහිලුවට මොකද උන්ට ඒක අලුත්නෙ. ලස්සන වැඩේ කියන්නෙ මම මූට වැඩිය චූට්ටයි කලු!!! හැක්.. හැක්!!

ඔන්න දවසක් තිලකයා තවත් බුවෙක් එක්ක රෑ හෙල්ම‍ටුත් නැතුව, බයික් එකේ ලියකිවිලිත් නැතුව, හදිස්සියෙ සරම පිටින්ම ගිහින්. ආපහු එනකොට පේනවලු කාකි සූට් ඉන්නවා, ටෝච් එහෙම අරගෙන, ගහක් යට. දැනටමත් එකෙක්ව අල්ලගෙනලු. හැබැයි මේ තුවක්කු තියාගෙන, ට්‍රැ‍ෆික් බයික් එකේ යන අය නෙවෙයි. දැන් මොකද කරන්නෙ? නැවැත්තුවොත් පෝරියල්. තිලකයා තමයි පිටිපස්සෙ ගිහින් තියෙන්නෙ.

හරි මල්ලි, උඹ නවත්තන්න එපා. ඔහොමම යන විදියටම පලයං නොදැක්කා වගෙ. ඉතුරු ටික මං බලා ගන්නම්. තිලකයා කියලා.  

බුවාත් ඒ විදියටම වැඩේ කරලා. මුං ලං වෙනකොටම එක කාකි සූට් එකක් අත් ඇල්ලුවලු. බුවා වගේ වගක් නැතුව යනවලු. 

කාකි සූට් එක "ඒයි, ඒයි!" කියලා කෑ ගහලා ටෝච් එක ඇල්ලුවලු මුන්ගෙ පස්ස පැත්තට. දෙන්නා ඇරලා ගිහින්. පස්සෙ අනිත් බුවා බර බරේලු. 


යකෝ දැං අනාතයිනෙ. මගෙ බයික් එකේ නොම්බරේ ලියාගන්න ඇති. බලපං දැන් උසාවි යන්නනෙ වෙන්නෙ කියලා.

තිලකයා කියනවලු. "හැක් , හැක්, කොහොමද යකෝ නොම්බරේ බලා ගන්නෙ? නොම්බරේ තිබ්බෙ මගෙ සරම අස්සෙ. මම සරම උස්සලා නම්බර් ප්ලේට් එකයි, ටේල් ලයිට් එකයි දෙකම වහගෙන හිටියෙ. හැබැයි ‍තෝ බයවෙලා නැවත්තුව නං, සරමත් නැතුව තමයි එන්න වෙන්නෙ."

කශ්ටිය මේක අත්හදා බලන්න ගිහින්, පස්සෙ මට නම් බර බර ගාන්න එපා ඔන්න. “DON’T TRY THIS AT HOME. THESE STUNTS ARE PERFORMED BY THE TRAINED PROFESSIONALS.” ඔන්න DISCLAIMER එක දාලා තියෙන්නෙ.

දැන් ඇති තිලකයා ගැන හඳුන්වාදීම. එහෙනම් කතාවට බහිමු. දවසක් රෑක තිලකයා බයික් එකේ ගමනක් යනකොට, තවත් දන්න බුවෙක් පාරෙ ඉඳල අත ඇල්ලුවලු. (මූත් නොදන්න එකෙක් නෑ. එදා රෑ, අර මගෙ බල්ලා කාපු කාරෙකේ ලයිට් හදලා දුන්න බුවාත්,  පස්සෙ බලනකොට මුගෙ යාලුවක් )

තිලකයා කිව්වලු, මචං, මම අර ඉස්සරහ තියෙන  මළගෙදරට පොඩ්ඩක් ගිහිල්ලයි යන්නෙ, කියල. "කමක් නැ මචං," කියලා බුවා බයික් එකට නැග්ගෙ, හරිම සන්තෝසෙංලු. බුවා නොකිව්වට තිලකයට තේරුනාලු රහස. මොකද මළගෙදරට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ කනත්තලු. කනත්ත ලඟින් පයින් යන්න බයට, බුවා ඉඳල තියෙන්නෙ කවුරු හරි එනකල්.

මළගෙදර ලඟදි, තිලකයා බයික් එක පාර අයිනෙ නවත්තලා,  බුවාට බයික් එක තියාගෙන ඉන්න කියලා, මළගෙදරට ගියාලු. (බුවාත් යනවලු මළගෙදර, උගෙ සුරේ නොතිබෙන්න.)

විනාඩි පහලොවකිං විතර තිලකයා ආපහු ඇවිත්. දැන් දෙන්නම බයික් එකේ නැගල යනවලු. දැන් කනත්තට ඔන්න මෙන්නලු. හැබැයි බුවාට තේරුනාලු තිලකයා වැඩි කතාවක් නැති බව. කනත්ත ලඟදි බුවා ඇහුවලු, 

"තිලක අයියෙ, මොකද උඹ වැඩි කතාවක් නැත්තෙ?" කියලා.

තිලකය "හහ්.. හහ් හහ් හහ්!!!"  ගාලා හොල්මනක් වගෙ හිනා වෙලා කිව්වලු ...

"උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?" කියල.

බුවාට කලිසමේ බඩු ගියෙ නැති ටික විතරලු. මොකද නියම තිලකයා තවම මළගෙදර වෙන්නත් හොඳටම ඉඩ තියෙනවනෙ. අනිත් එක මේ යකා ආවෙත් මේ මහ රෑ මළගෙදර පැත්තෙ ඉඳලානෙ.

"අනේ බුදු තිලක අයියේ ..!! ඕන්නැති විහිලු නොකර හිටපං බං!! කියලා බුවා කියලා තියෙන්නෙ අඬල වගේ, පුදුමාකාර අසරණ කමකින්, හොඳටම බයවෙලා.

පස්සෙ තිලකයටම දුක හිතිලා වැඩේ අතහැරල දැම්මලු.



 මෙම ලිපිය මුලින්ම
 ඉංග්‍රීසි භාෂාවෙන් That's a Sick Joke, Dude! නමින්  
HeyDude බ්ලොග් අඩවියේද, 

සිංහල භාෂාවෙන්,  

109 comments:

  1. පට්ත ඩයල් එකක්නේ තිලකයා....

    මේ අර මලගෙදර ගාවදි බයිසිකලෙ ගියේ හෙන්‍රි අය්ය නෙවෙයිළු ඈ

    ReplyDelete
  2. අයියෝ ඩූඩ් අයියේ... හඳුන්වාදීමට එනකොටත් හිනා වෙලා මගේ හොද පණ ගිහින්... හි හි...

    ReplyDelete
    Replies
    1. ආ.. ඔන්න.. මාත් අර බලු රාළ මතක් කරලා දුන්න කතාව ලිව්වා... ලින්ක් එකක් එහෙම දාලා.. හි හි...

      Delete
    2. @මී ගොඩයා. ඌ එක විදියක ඩයල් එකක් තමයි ඉස්සර, දැන් නම් ඇල් වතුරත් නිවලා බොන්නෙ. :)

      @හිරු මම ඒක කියෙව්වා. බලන්නකො මගෙ බලු කතව තව කෙනෙකුට ඉන්ස්පිරේෂන් එකක් වුනා කිව්වම කාටද ආඩම්බර?

      Delete
    3. වයස හිංද මගෙ මෙව්ව එක මෙව්ව වෙලා නිසා මම එහෙම ඇල්වතුරත් නිවලයි බොන්නෙ, ඒක හරි, එතකොට උඹ එහෙම බොන්නෙ උඹේ එව්ව එක මක්ක වෙලා හිංදද යකෝ, ඈ. . . බලංඩකො අනේ අපිටමයි වෙන්නෙ . . . !

      ප: ලි: තාරුණ්‍යය දියවුනා කියල තරහිනුත් නෙමෙයි, දුකකිනුත් නෙමෙයි ලිව්වෙ. මුගෙ ළඟ අර මැනර්ස් කියන ලබ්බ මයිල් ගහක තියා නැට්ටෙ කොණකවත් තෙතමනයටවත් නැති නිසා.

      Delete
  3. හැක හැක හැක.... මේ අර පිටිපස්සෙ සීට් එකේ ගියෙ ඩූඩ් තමා. නැත්නම් කොහොමද ඒ බුවාට badu නොගියා විතරයි කිව්වෙ? තිලකයා ඩූඩ්ට කතාව කිව්වා වෙන්න පුලුවන් උනත් අර බුවාගෙ හැඟීම් දැනීම් කියන්න තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි මහත්තයෝ රහස් පරික්ෂකයොන්ට බොරු බෑ හොඳේ... දැක්කනෙ, නිරීක්ශණ, නිගමන සහිතව ඔප්පු කළා.. :-)

      Delete
    2. @spider the DETECTIVE ඉතින් ඩිටෙක්ටිව් කෙනෙක් වුනාම ඔහොම තමයි. අම්ම තාත්තා වුන සැක කරනවා. ඒක නෙමෙයි ස්පයිඩර්. මම උඹෙන් සමාව ඉල්ලන්න්න ඕනෙ, මගෙ අතින් උඹේ කලින් කමෙන්ට් එක ඩිලීට් වුනානෙ. අර බල්ලා කාපු කාරෙකට දාපු එක. මම ඒක උඹට හොරෙන් ආපහු උඹ දැම්ම විදියට දාන්නත් දන්නවා. නමුත් මට හිතුනෙ නෑ ඒවගෙ වැඩක් කරන්න.ඔන්න ඕක ආපහු දාපංකො හොඳ එකා වගෙ මට සමාවෙලා.

      @ සෙන්නා; ඒක තමයි බං. දැන් ඉහ ගහගෙන ඉන්න අමාරුයි. එක්ස්පර්ට්ලා වැඩියි.

      Delete
    3. ඒ කොහොමද එහෙම දාන්නෙ ඩූඩ් ?

      මකුවෝ, මේ ගැනත් පරීක්ෂණයක්, නිරීක්ෂණයක්, නිගමනයක් කරපන්.. :-)

      Delete
  4. අම්මෝ.. මේක නොකියවා ඉන්නත් හදල පස්සේ ආයිත් කියෙවුව... (මං හොල්මන් කතා වලට බයයි අප්පා)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. @ පණුච්චි, ඉතින් මේක හොලමන් කතාවක්යැ, පණුච්චි? ආතල් කතාවක්නෙ! :O

      Delete
  5. බලන් යනකොට ඩූඩ්ගෙ යාළුවොත් ඩූඩ් වගේමද කොහෙද...
    පව් අප්පා...එක පාරටම ඇවිත් බයික් එකට නැඟලා " හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද? " හොල්මන් හිනාවක් දැම්මම බය නොවෙන එකෙක් ඉදිද මම අහන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ළිහිණි ඕක මට වුනා නම් මාත් බයවෙනවා, කොච්චර පොර ටෝක් දුන්නත්.:O

      Delete
    2. ළිහිණියෝ, මේ මං බං. අර උඹ දක්ක හැම වෙලාවෙම ඉතාමත්ම ගෞරවයෙන් කටපුරා ' තිලක් ......" කියල කියන්නෙ.අන්න ඌ බං. - - - සට පට චුස් බුස් ඩොං පටෝරිං - - - කෙළිය නේද තාප්පෙටම ආත බූත නැතුව.

      Delete
  6. පට්ට බං. චිත්‍ර ටිකත් එළ!

    ReplyDelete
    Replies
    1. "බෝ'ම ස්තුතියි රාජ් බොස්. 'ඔඳක් අහන්න ලැබෙන එක, කෝ'මත් ලොකූ සතුටක්! :D

      Delete
    2. එළ වගේද බොල
      කනකොට තණකොල
      http://thunmullethaga.blogspot.com/
      ************************
      තරුණ උඹලට හැමවිටම
      අපේ ආචාරය සහ ආශිර්වාදය !

      Delete
  7. යාලුවෙක්ගෙ ගෙවල් ගාවින් යද්දී කෑගහගෙන යන එකනම් අපිත් කරනවා. ඒක පට්ට වැඩේ. අර අන්තිම කතාව පට්ට. අරුට මොනවා හිතෙන්න ඇද්ද, හනේ අම්මේ මම මේ කල්පනා කලේ ඒක.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැතුම්. දැන් ජොලි වුනාට හිතලා බලන කොට අරූ බයට මලේ නැතුව ඇති.

      Delete
  8. හ්හ...හ්හ...හ්හ...මම හිතන්නේ...මගෙ ..පනකෙන්ද..ගියා කියල...හිනා ගිහිල්ල..හ්හ..හ්හ්..හ්හ...හා..!

    ReplyDelete
    Replies
    1. ඔය කොලු කාලෙට ඔය වගෙ වැඩ කලාට සමහර විට ඌට තොවිල් නටන්න වෙන්නත් තිබ්බා.

      Delete
    2. ඒකටත් යක්කු පට ගහන්න වෙන්නෙ බොටයි මටයි තමා අන්තිමට, ආ . . . බොහෝවිට යසයත් ඉංඩ පුලුවන්, මොකද ඌට බොනපාට් ආවේස වෙලා නැගිට ගංඩවත් බැරුවනෙ ඉන්නෙ අන්තිමටම. ඒ කුණත් අපිම අදිංඩ එපෑ ඈස් යූෂුවල්.

      Delete
  9. කලින් මට හිතෙන හැටි එකේ කියෙව්වත් පොඩි ගතියකටත් එක්ක දෙවෙනි පාරටත් කියෙව්වා.

    ඔන්න මං හෙන්රි අයියගේ බ්ලොගෙන් කෑල්ලක් ඉස්සුවා අවසර නැතුව. (හැබැයි ලින්ක් එකක් දැම්මා). පස්සේ දැක්කේ විචාරක මහත්තයාගේ බ්ලොගේ මේ ගැන දක්වපු අදහස්. එතකොට අවසර ගන්න ප්‍රමාද වැඩියි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං AKM ඒක කොහොමද හොරකමක් වෙන්නෙ. ඒ මට උදව්වක්නෙ උඹ කරලා තියෙන්නෙ.

      විචාරකගෙ පෝස්ට් එක උස්සලා තියෙන්නෙ ඒ ආකාරෙටයැ බං මහා ජරා විදියටනෙ.

      ඒ වගේම කෙනෙක් උස්සන්නෙත් හොඳ දෙයක් තමයි, නැද්ද?

      මම මේ උඹේ බ්ලොගේ පැත්තෙ කරක් ගහලා ආවා විතරයි.

      Delete
  10. ඒයි මේන් අපේ හෙන් රි ඇවිත්.. ග්‍රිෆිත්ලා මුක්කුද අනේ... කියලා වැඩක් නෑ මචන් අද රෑට හොඳට නින්ද යයි....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මාතලන්තුමා. ඇන්ඩියත් හොඳ එකා බං.

      Delete
  11. නියම කතාව ඩූඩෝ ,,පට්ට බං-ඇත්ත කියහන් උඹ නේද පිටිපස්සෙන් ගියපු එකා ?

    ReplyDelete
    Replies
    1. රතු, මම ඉතින් ඔලුවෙන් හිටගෙන කිව්වත් උඹලා ඕක පිළිගන්නෙ නැති හන්දා මම තීරණය කලා 'ඔව් බං ඒ මම තමයි' කියන්න. ඒක ලේසියි කියලා හිතෙනවා. :D

      Delete
    2. ඕකා නෙමෙයි ගියේ, මෙන්න මේකා.

      https://www.facebook.com/photo.php?fbid=10200344243872360&set=a.10200340668102968.2201828.1342568487&type=3&theater

      ඔය තාමත් බය වෙලා වගේ ඉන්නෙ.
      තව උගෙ පිංතූර ඇති එතන.

      Delete
  12. ඒයි හෙන්රියො පොඩ්ඩක් හිනාවෙයං උඹ ඉන්නවද කියල බලන්න.....// හූ හූ....

    අර චිත්තෙරෙ ෙනාකියවුණු සිරා කතාවකුත් තිෙයනවා නෙ... ළගපාත ගෙවල් වල මිනිස්සුන්ට පට්ට අාතල් අැති කාඩ් එක පන්ච් කරද්දි...

    ReplyDelete
    Replies
    1. මගෙ මේ පිං පාටට ඉරිසියා කරපු එවුන්ගෙන් එකෙක් තමයි තිලකයා. :D
      මෙහෙමනෙ බං නරකයා, කාලයක් යනකොට අර කම්මලේ බල්ලට හෙන ගැහුවත් ගානක් නැතුව යනවා වගේ ඕකට කන්ඩිෂන් වෙනවනෙ! එහෙම වෙන්නැති. හැබැයි අපේ තාත්තත් ඒකට තරහ ගත්තෙ නෑ කවදාවත්!

      Delete
    2. හෙන්රි අය්ය මේ උඹ මගෙ බල්ලව මේ කතාවලට පටලනවා ... උගේ කන් හොදට ඇහෙනව..

      Delete
  13. කාඩ් පන්ච් කිරිල්ල මරු. අපිත් ඔහොම වැඩ කරනවා ඉස්සර රෑට කොහේ හරි ගිහින් එනකොට. හැබැයි යාලුවොන් ගේ ගෙවල් ලඟදි නෙවෙයි. මල පනින පොරක් ඉන්න ගෙයක් බලලා කරන්නේ.:)
    තිලක් නම්බර් ප්ලේට් එක වහපු කතාවෙන් මට මතක් උනේ "අතැඟිලි ශිල්පියා" ව.
    අර බුවා ට බඩු ගිහින් ඉතුරු උනා ඇති පන යන්නේ නැතුව. චිත්‍ර ටික පංකාදුයි !!

    ReplyDelete
    Replies
    1. මල පනින උන්ගෙ ගෙවල් ලඟදී? ඒකත් මරු අදහස! :) ඈ බං, ඒ ගමන මොකක්ද උඹ ඔය ඔලුවෙ දාං ඉන්නෙ? ස්කී කැප් එකක්ද?

      Delete
    2. //ඈ බං, ඒ ගමන මොකක්ද උඹ ඔය ඔලුවෙ දාං ඉන්නෙ? ස්කී කැප් එකක්ද?// :D :D
      අපේ ගමේ බුවෙක් ඉන්නවා, ඒ යකා නාන්න ගිහින් එනකොට කිසි ගානක් නැතුව ඉන්දියානු අර්ධද්වීපය ඔලුවේ දාගෙන යනවා. :)

      Delete
  14. තිලකයා මාර බඩුවක්නේ.හෙන්රි සර්ගේ යාලුවොත් හෙන්රි සර් වගේම තමා ඈ බලන් ගියාම :)

    ReplyDelete
    Replies
    1. අතක් පයක් කඩා නොගෙන උං එක්ක මෙච්චර කාලයක් හිටියනෙ කියල සං‍තෝසෙ හැමදාම මා ලඟයි නිශාන්! නිශාන්ගෙ යාලුවො ගැනත් මම නොදන්නවායැ? මැල්ලුම අස්සෙ මස් කෑල්ල හංගන උං! හික්ස්! :D

      Delete

    2. මම උගෙ යාලුවෙක් උනාට ඌ මගෙ යාලුවෙක් නෙමේ, ඕං!

      https://www.facebook.com/photo.php?fbid=10200282238602267&set=a.3969275313953.2174725.1342568487&type=3&theater

      මෙන්න මගෙ එක යාළුවෙක්.

      Delete
  15. මරු කතාව අංකල්..පින්තුර ටිකත් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....:) මරු! :) ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු.ඔක්කොම ඩ්‍රාමා ඉන් රියල් ලයිෆ්!

      Delete
    2. Why not, ලෝකය රඟහලකි, අපි එහි නළුවො වෙමූ!

      Delete
  16. හොඳ වැඩ කරලා තියෙන්නේ නේද? අර කාඩ් පන්ච් කරන කතාව නම් නියමයි. හී හී...

    අම්මෝ ඇත්තටම හොල්මනක් තිලකයාගේ බයික් එකේ ගිහින් තිබුනා නම්...ඇඟත් හිරි වැටෙනවා. ඉතින් දැන් ඔයාට වඩා ඔය චූට්ටක් කලු අඩු එක්කෙනා ඉන්නේ කොහේද? :D

    ReplyDelete
    Replies
    1. තිලකයාත් බයික් එකට නග්ගා ගත්තේ ඇත්තටම හොල්මනක් නම් කොහොමද කියලාත් මට කල්පනා වෙනවා!

      මට වැඩිය පොඩ්ඩක් කලු අඩු එකා, ඔය ඉන්නෙ අහිංසක කමට බ්ලොගකුත් ලියාගෙන දැහැමෙන් සෙමෙන්! :)

      Delete
    2. මට හොල්මං ගානක් නෑ ඕයි, උඹව ආස්සරේ කරංඩ උනාට පස්සෙ.

      මම ඔහේ දැහැමෙන් සෙමෙන් නිසොල්මනේ මගේ රාජ්‍යය කර ගෙන යමිං සිටියෙමි.
      එය එසේ වුවද මූ විසින් කෙරෙනු ලැබෙන්නාවූ අසමජ්ජාති අවකල් නොසංඩාල ක්‍රියා හේතුවෙන් නිතරම කඩුව කොපුවෙන් ගැනීමට සිදු වුවද එය යළි ආපසු ඔබමි, ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, . . . . . ක්‍රියා දාමයට අවතීර්ණ වීමට සිදුව ඇත. එය ආතල් රොමැන්ටික් සිරා ෆැන්ටසියක් වුවද, මට මහත් දුකකි, වදයකි කරුමයකි. ' අයහපත් පාප මිත්‍ර සේවනයේ යහපත් ප්‍රතිපල ඉතසිතින් සතුටින් විඳිමිං, අතින් කකා,
      බ්ලොගකුත් ලියා ගෙන
      http://samankeerthi.blogspot.com/
      ෂපාන් එකේ, Full Fit එකේ, කාලය ගත කරමි !

      Delete
  17. අර අවුරුද්ද පිරිච්ච වෙලාවෙ මන් හැත්තෑ ගානම එකසැරේ කියෙව්ව නිසා මේ කතාව අද ඊයෙ වගේ මතකයි ! බයික් එකක් තියෙන අපි නොදන්න බුවා !!!!
    හහ් හහ් හා !

    ReplyDelete
    Replies
    1. මේ උඹලම වාත කරලා මට කරන්න සිද්ද වුනු blog migration එකේ අතුරු ඵල තමයි. ඔය කතාව සිද්ධ වෙනකොට උඹ ඔය හිතන බුවාට බයික් එකක් තිබ්බෙ නෑ බං.:)

      Delete
  18. ඩුඩෙ නියම කතා පෙලක්. තිලකයා නං රටක් වටින පුද්ගලයෙක්. මිනිහව අමතක කරන්න නං එපා. චිත්‍ර ටිකනං ඉස්තරම් ඩුඩෙ.. ඉංගිරිසි එක ගොඩක් කලින්ද ලිව්වේ බලන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා. තිලකයා මට පහුගිය නිවාඩු කාලෙත් කීප වතාවක් හම්බ වුනා. පොර හිටපු ගමන් මේ බ්ලොග් එකටත් කමෙන්ට් හෙම අතාරිනවා.

      ඉංග්ලිෂ් එක 2011 අගෝස්තුවල ලිව්ව එකක්.

      Delete
  19. අපට හිතාගන්න හැකියි කට්ටිය ඒ කාලෙ අරන් තියන ආතල්වල තරම්...නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. හලේ, උඹලාත් හරි අහිංසක කමට ඉන්නෑති ඒ කාලෙ නේහ්? අර කාටෝග්‍රෆර් කරත්ත දක්කනවද කියලා විහිලුවට ඇහුවේ උඹයි මගෙයි මියුචුවල් යාලුවෙක්. දන්නවනෙ බුවා?

      Delete
  20. කාඩ් පන්ච් කරිල්ල/නම්බර් ප්ලේට් වැහිල් සිරා :)

    චිත්‍ර උබේද බං ?

    සිරා ඇහ් !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අතීතය සුන්දර වෙන්නෙ ඔයවගෙ දේවල් වලින් නේද සෑමා?
      විත්‍ර මගෙ නේන්නං බං. ආ මට හංවඩුව ගහන්න බැරිවුනා. ඒක පටන් ගත්තෙ පස්සෙ ඇඳපුවාටනෙ.

      Delete
    2. අතීතය කොච්චර කරුවල උනත් ඒක අස්සෙ හැංගිලා තිබිච්ච එක සුන්දර චූටි කෑල්ලක් උනත් අද එළියට ඇදල ගත්තහම, ඒකෙ දිස්නෙන් අර අන්ධකාරය පටෝං ගාල සහමුලින්ම නැතුව යනවා. හා නැද්ද හැබෑටම? ඕං මං කිව්වා!

      Delete
  21. ශාඅ මරු ආතල් එක අර බුවාට දීල තියෙන්නේ. මේ ඔයැ සරම් සීන් එක මට ට්‍රයි කොරන්න බැරි සරමක් අඳින්න දන්නේ නැති නිසා. මේ ඔය කාඩ් පංච් කිරිල්ල නිසා අහල පහල උන්ගෙන් වෙදිකන්න උනේ නැති එක පුදුමයි.

    ReplyDelete
    Replies

    1. ඔය සරම් අඳින්නෙ නෑ, ෂෝට අඳිනවා කියලා මේ සමහර බ්ලොග් කරුවොත් මාව හම ඇරලා තියෙනවා. ඔය පල්ලෙහා සූර්‍ය රාජයගෙ නමක් තියෙන එකෙක් හෙම කමෙන්ට් දාලා තියෙන්නෙ. අන්න එකෙක්. :D

      Delete
  22. කපටියා. අපි ලවුවා එකම කතාව තුන්පාරක් කියවවනවා.

    ReplyDelete
    Replies
    1. අන්න කම්මැලියෙක්! සරත් අහල නැත්ද, කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවා. හික් හික්! :D

      Delete
    2. මම නම් අහල තියනව මෙහෙම කතාවකුත්...... :) :)

      " having to read the same thing thrice maketh the readers blood boil and in addition maketh the writers mother sneeze.''

      '' තුන්වරක් එකමදේ කියවීමට සිදුවීම කියවන්නාගේ රුධිරය උණු කරවීමට අමතරව රචකයාගෙ මවට කිවිසුම් යැවීමටද හේතුවේ. ''

      Delete
    3. Not when you have the opportunity to read it in English as an extra bonus. This is free tuition from blogwalker, Dudes! Opportunity is staring at you in the eyes.

      අරකට උත්තරේ ලන්දේසි දූපතේ ජිල් ජෝනා. යාලුවා වැන්දබෝනා. බං මටවත් මගේ ගැන්සියෙ එවුන් එකෙකුට වත් හරියට No Problem කියලා කියන්න බෑ මොන විදියෙන්වත්, 'නෝ පොබ්බොං' මිස ඒ කාලෙ. :D

      Delete
  23. අඩේ මේ ඔක්කොම එතකොට පැරණි රසාංගද?.....අර ඒ දවස්වල විනෝද සමයෙත් ඔය වැඩේ කලා...උංට කතාවක් ලියා ගන්ට බැරිඋනාම පරණ ගිය එකක් දානව..අපිත් කර ඇරගෙන අහගෙන ඉන්නව මුල හරිය කලින් ගිය එක වගෙ උනාට අන්තිම හරියවත් වෙනස් වෙයි කියල...මොන?..අන්තිමට කියනව..'' ඒ විනෝද සමය නැවත ප්‍රචාරයකි. නවතම කථාංගය ලබන සිකුරාදා බලා පොරොත්තු වන්න ..ටැං ටැං ටෑං '' කියල...ඒ කාලෙ හිච්චි එවුන් නෙව...මාතෘ ගුණානුස්මරණ ඔය මොකවත් දන්නෙ නෑ...දන්න ලොකුම අසබ්බිය වචනෙ තමයි පෙරේතය....පෙරේතයො කියල අරුං තුං දෙනාට පස් පඩංගුවෙ බැණ වැදිල ගිහිල්ල බුදිය ගන්නව...

    මම හෙන්ස් උඹේ මේ කලින් ලියපුව කියවල නැතිනිසා මට නම් නෝ පොබොම්...හා කියාපං බලන්ට ඔය නෝ පොබොම් කෑල්ල තිබ්බෙ මොකේද?...ඔන්න සුට්ටි උදව්වක්...අපේ කාලෙ ඉතාම ජනප්‍රිය ළමා රේඩියෝ නාට්ටියක....

    / "උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?" කියල. /

    මම එහෙම නම් හිටියෙ ඒ වෙලාවෙ පිටිපස්සෙ මොකද දන්නවද මම කීයන්නෙ?

    '' හහ්, හහ්, හහ්...හා...උඹ හිතන්නෙ මම රවීමයි කියලද? ''....:) :)

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නෙ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්‍රිගෝ සමග බර්ටි ගුණතිලක විකට තුන් කට්‍ටුව ගැනනේ! අන්න නියම කමීඩියන්ස්ලා!
      අර ප්‍රශ්ණෙට උත්තරේ අරකට උත්තරේ ලන්දේසි දූපතේ ජිල් ජෝනා. යාලුවා වැන්දබෝනා. බං මටවත් මගේ ගැන්සියෙ එවුන් එකෙකුට වත් හරියට ණො ඵ්‍රොබ්ලෙම් කියලා කියන්න බෑ මොන විදියෙන්වත්, 'නෝ පොබ්බොං' මිස ඒ කාලෙ. :D
      අර පොසිබිලිටිය ගැන මාත් කල්පනා කරලා තියෙනවා මචං.
      උඹට අරෙහෙම කියන්න පුලුවන් වෙන්නෙ කලිසමේම බඩු ගිහින් නොතිබුනොත් විතරයිනෙ, මචං අනිත් ඒකත් අමුතු අත්දැකීමක්යැ නැද්ද? හියැක් හූ!

      මේ රවියාව කලිසමේම බඩු යාම ගැන මගේ ප්‍රකාශය සැක පහල කරන අනෙකුත් සියලුම පාඨක භවතුන් කරුණාකරලා මෙන්න මෙතනට ගිහින් ඒකාගේම වචනයෙන් ඒක කතාවක් කියවන්න පුලුවන් ඩූඩ්ගෙ කමෙන්ට් එකට රවියාගෙ රිප්ලයි එක ලඟට ස්ක්‍රෝල් කරලා. මෙන්න බලාන්ඩ....

      http://ranrandil.blogspot.com/2012/10/140-saga-of-hunter22.html

      Delete
    2. / උඹ ඔය කියන්නෙ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්‍රිගෝ සමග බර්ටි ගුණතිලක විකට තුන් කට්‍ටුව ගැනනේ! අන්න නියම කමීඩියන්ස්ලා /

      කියල වැඩක් නෑ බං..මේ දැං ඉන්න වැලේ වැල් නැති හාල් පාරුවො දන්නෙ ඩබල් මීනිං කුනුහරුප කියන්ට විතරයිනෙ....මට නං උංගෙ මූණු දැක්කත් බඩ දඟලනව...:) :)...මේ ඔය විනෝද සමය ලියාපු පොරගෙ නම උඹට මතකද?...මේ අවුරුදු දහයකට විතර කලින් මනුස්සය මලා..මම මේ මතක් කරනව ..මතක් කරනව ..ම්හු..එන්නෙම නෑ...

      / අරකට උත්තරේ ලන්දේසි දූපතේ ජිල් ජෝනා. යාලුවා වැන්දබෝනා /

      මම දන්නව උඹ අනිවා ඕක දන්නව කියල...හෙහ්, හෙහ්, ජිල් ජෝන් සහ වැන්දබෝනා....ජිල්ජෝන්ට හිටියෙ මට මතක විදිහට කරුණාතිලක හඳුවල වෙන්න ඕන....වැන්දබෝනට හිටියෙ අර කවුද බං?....මොන පෙරේරද කියල හිටියෙ....ආන්න මතක් උනා..පරාක්‍රම පෙරේරා...තව හිටිය සුනන්දා සරත්සේකර.......රචනය සමන් අතාවුදහෙට්ටි ...නිෂ්පාදනය ...අසෝක අතාවුදහෙට්ටි.....

      තව බොට මතකෙයි ගුවන් විදුලි රඟ මඬල....ඒකෙ තේමා සංගීතය ඇහෙන කොට අපි ඔක්කොම වැඩ නවත්තල අපෙ පරණ ට්‍රාන්සිස්ටරේ වටේ....අද ගුවන් විදුලි රඟ මඩලින් ඉදිරිපත් කරන්නේ විද්‍යා ප්‍රබන්ධයක්..විශ්ව මිත්‍ර සංකීර්ණය 2500....

      ඔය ඇත්තටම ඒ දවස්වල ගිය මම කට ඇරගෙන අහපු කතාවක්...මුළු ලෝකෙම පාලනය කරන කම්පියුටර් එකක් විශ්ව මිත්‍ර කියන්නෙ ..කම්පියුටර් කියන ජාතිය අහලවත් නැති ඒ කාලෙ මගෙ ඔලුව නරක් උනා ඒ ගැන හිතන්ඩ ගිහිල්ල ...හෙහ්, හෙහ්,

      / මේ රවියාව කලිසමේම බඩු යාම ගැන.../

      අඩෝ මේ...කරුණු විකෘති කරන්ට නම් එපා....හරිද? ...Facts are sacred....

      මම කිව්වෙ මෙන්න මෙහෙමයි

      Quote / මොනවද ටොයිලට් එකේ දොර වහගෙන කලිසම ගැලෙව්ව විතරයි . /Unquote

      කොහෙද බං මේකෙ කලිසමේ බඩු යාමක් ගැන තියෙන්නෙ?......වහාම සමාව ඉල්ලාපං ...කරුණු විකෘති කොට මාගෙ කීර්ති නාමය කැළැල් කිරීම පිළිබඳව

      මෙහෙම එව්වට තමයි කියන්නෙ....Pig fish pig back putting and cutting කියල...හෙහ්, හෙහ්,

      Delete
    3. ඔය ගුවන් විදුලි රඟමඬලෙද අර ෂර්ලොක් හෝම්ස් කතා ගියේ.. මාත් බෙල්ල කඩාගෙන ඇහුවා ඒ කාලේ .... ඔය විද්‍ය ප්‍රබන්ධ කතාව යාන්තමට මතකයි වගේ.... ඒවා තමා අප්පා කතා...

      දැං නං ඉතිං “ කණාමැදිරි රාත්‍රීය” තමා... කුණුහරැප විතරයි.. මම ඉස්සර ඔය වෙලාවට බස් එකේ එනවනං හෙඩ් සෙට් එක කනේ ගහන් පුළුවන් තරම් හයියෙන් සින්දුවක් දාගෙන එනවා අරක ඇහෙන්නෙ නැති වෙන්න..

      විහිළු නෙවෙයි.... ඒක අහගෙන ඉන්නකොට නිකම්ම ෆොම් වෙනවා කියලා අපේ කොල්ලෝ ටික කියන්නේ ඒ කාලේ... ඉතිං බස් වල ජැක් ගහන එක අහන්න දෙයක් යෑ.....

      Delete
    4. @ හිරු,

      / ඔය ගුවන් විදුලි රඟමඬලෙද අර ෂර්ලොක් හෝම්ස් කතා ගියේ.. /

      ළඟකදිත් ගුවන් විදුලි රඟ මඬල ප්‍රචාරය උනාද කියා නම් නොදනිමි මැඩම්....මොකද 1982 රූපවාහිනී ආවට පස්සෙ රේඩියෝ එක ඇහැව්වෙ අතරින් පතර රූපවාහිනියක් නොතිබිච්ච කාලවල විතරයි..ඊට අමතරව රේඩියෝ එක විශේෂයෙන් ඇහැව්වෙ සුවිශේෂී වැඩසටහන් කීපයක් අහන්න විතරයි...ලක් හඬේ දියකැට පහණ ටෙලි චිත්‍රපටය ගැන විකාශය වුනු වැඩ සටහන,සිරසේ ටාසන් බාප්පා, එතකොට ඒත් ලක් හඬේ ප්‍රචාරය වුනු සුචරිත ගම්ලත් මහත්මයගෙ කලා විචාර වැඩ සටහන වගෙ බොහොම ස්වල්පයක් තමයි මතකයට එන්නෙ,

      මම ඔය කලින් සටහනේ කිව්වෙ නම් බොහොම ඈත අතීතයක් ගැන..හරියටම කියනව නම් වසර තිස් අටක් විතර....:) :)

      Delete
    5. ගුවන් විදුලි රඟමඩල 1882න් පස්සෙත් තිබුණා . අපේ දිහා ටීවී එකක් නැති නිසා අපි නම් දිගටම ඇහුවා . සැමුවෙල් ඇනස්ලි බර්ටි ...අය්යෝ අද වුනත් හිනා යනවා මතක් වෙද්දී .
      ඔයින් එක්කෙනෙක්ගේ පුතෙක් අපිත් එක්ක දහම්පාසලේ උන්නා . හරිම අහිංසක කම්මැලි පොරක් . කිසිම විහිළුවක් දන්නේ නැහැ .
      සමන් අතාවුද හෙට්ටි නම් අද සමකය වටේ බ්ලොග් එකේ ඉන්නවා දැක්ක http://samakayawate.blogspot.com/2012/10/blog-post_27.html

      Delete
    6. අඩේ අප්පා, එව්ව හඳේ!
      එහෙම උනානං මං ටක් ගාල උඹේ පුක තගාල බලනවා රවියෝ, මොකද යක්කුන්ට පුකක් නෑ යකෝ!

      ඒ වෙච්ච දේ යකාටම ගියාවේ

      දයාබර රවී,
      ගොඩාක් කාලයකට පස්සෙ මගෙ ලේවල තියෙන ජාන හරි මොන මඟුල හරි තියෙන තවත් එකෙක් හම්බ උනා. පීනපන් තව පීනපන් ඔය ඉසව්වෙන්ම හොඳ කල්පනාවෙන් දියඹ්ටම රැල්ල කපාගෙන ZigZag ගගහ හරි කෙලින් හරි ඇදට හරි රුවිතෙට හරි කමක් නැ දියඹ්ටම. එහෙම ගිය එවුන් තමයි ඇඟට හිතට කොටින්ම කිව්වොත් කොල බොක්කටම දැනෙන්න සදාචාරවත් නිර්මාණශීලී යමක් අපට දෙන්නෙ.
      මාත් බෙට්ට දදා කට්ට කකා ඒ සැහැල්ලු සුන්දර ඉසව්වේ කඩඉම් දැකපු අතගාපු, අතගාල ඒව ගැන හිතපු, හිතල යමක් කරපු, සහ අන් අය වෙතින් කෙරෙන්න මං පාදපු පුංචි හෙවනැල්ලක්.එතකොට හරිම සැහැල්ලුයි මේ ටෙම්පරි ජීවිතේ.
      මම ඔයාටත් ඔයාගෙ සුබවාදී ආකල්පවලටත් ගරු කරනවා,ආශිර්වාද කරනවා ඉතසිතින්ම!

      Delete
    7. / මේ ඔය විනෝද සමය ලියාපු පොරගෙ නම උඹට මතකද?...මේ අවුරුදු දහයකට විතර කලින් මනුස්සය මලා..මම මේ මතක් කරනව ..මතක් කරනව ..ම්හු..එන්නෙම නෑ... /

      ඕං කණෝ පිනුං කිව්වලු,
      දෙන්නං ජම්බු අය්යි හැලෙන්ඩ!

      විනෝද සමය මුලදි ලිව්වෙ එච්.ඩී.විජේදාස මහත්තය, පස්සෙ කාලෙ ඇල්ෆ්‍රඩ් පෙරෙරා, ස්වර්ණ ශ්‍රී සරත්වීර ලිව්ව, සමහර ඒවට ඔය තුන් දෙනාත් සහභාගි උනා. සමුඑල්ලා, අනස්ලිලා, බර්ටිලා ත් ලිව්ව අතිනුත් දාලයි අපිට ඒ සොඳුරු දේවල් දුන්නෙ. ගුවන් විදුලියෙ සහ රූපවාහිනියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන චන්දන තිලකරත්න, සැමුවෙල්ගේ පුත්‍රයෙකි.

      ගුවන් විදුලි රඟ මඬල රියල් ප්‍රසන්ටේෂන් එකක්. කපිල කුමාර කාලිංග ඒකට නියම පිටපත් කීපයක් ලිව්වා. " දෙවොල් දෙය්යො " එයින් එකක්. ගුවන් විදුලි රඟ මඬල ඒ කාලෙ නිෂ්පාදනය කලේ ජී.ගුනවර්ධන.

      Delete
    8. අඩේ අන්න හරි , මට අමතකව තිබ්බ නම එච්.ඩී. විජේදාස මහත්මය..ස්තූතියි තිලක්.

      ගුවන් විදුලි රඟමඬලට පිටපත් ලිවෙ ඒ දවස්වල කලා ක්ෂේත්‍රයෙ මහ දැවැන්තයො..සුගතපාල ද සිල්වා, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර,ප්‍රේමකීර්ති ද අල්විස්...මේ වෙලාවෙ මතකයට එන නම් කීපයක්...බෘහස්පතින්දා රෑ 8.30 ට ප්‍රචාරය උනේ.

      මේ තිලක් ..මතකද ගිම්හාන ගීතය?...කරුණාසේන ජයලත් මහත්මය ලිව්ව කියලයි මට මතක....

      තව එකක්..හන්දියේ ගෙදර..මිසිස් ඩූ ලිට්ල් - මර්සි එදිරිසිංහ...මිස්ට ඩයස්...රන්හොටී...එහෙම හිටියෙ...අන්න නාට්‍ය...:) :)

      කපිල කුමාර කාලිංග කියන්නෙත් මම ඉතාම ආදරය කරන කලාකරුවෙක්..ඔහුගේ නිර්මාණ ඉතාම ඉහලයි මට මතකයි බොහොම අපූරු ටෙලි චිත්‍රපටයක් ඔහු කලා සද්ධි විහාරික කියල..ඊයෙ පෙරේද නවකථාවකුත් ලියල තියනව මම දැක්ක පත්තරෙන්..කන්දේ වීදිය...ඒකයි ගිය අවුරුද්දෙ ඔහු ලියපු පියැසි කවුළුවයි හැකි ඉක්මනින් කියවන්ට ඕන..:)

      Delete
    9. @ තිලක්,

      / එහෙම උනානං මං ටක් ගාල උඹේ පුක තගාල බලනවා රවියෝ /

      මෙන්න මෙහෙමනෙ බොල මම කිව්වෙ...

      / මම එහෙම නම් හිටියෙ ඒ වෙලාවෙ පිටිපස්සෙ මොකද දන්නවද මම කීයන්නෙ? /

      / '' හහ්, හහ්, හහ්...හා...උඹ හිතන්නෙ මම රවීමයි කියලද? ''....:) :) /

      මම ඉන්නෙ බං පිටිපස්සෙ..එතකොට තිලක් උඹ කොහොමද මගෙ පුක අතගාල බලන්නෙ?....හෙහ්, හෙහ්,

      Delete
    10. ඇයි මොණරතැන්නෙ රජ්ජුරුවෝ - ජේ.එච්.ජයවර්ධන, ඉඳල මේ ඇහුනද- ගැමුණු විජේසූරිය, මුවන්පැලැස්සස - නෙතලී නානායක්කර, වොලී නානායක්කාර, ධර්ම ශ්‍රී මුණසිංහ , රෑ දහයෙන් පස්සෙ නිර්නාමිකව පෝස්ට්කර්ඩ් එකෙන් අහන්න කියල කියපු ලින්ටන් ආදර තරංග - තිස්ස අබේසේකර, ගීයක රස විඳිමු - ඩෝල්ටන් අල්විස් . . . . .
      හරියට කියන්න ගියොත් නැවකට බඩු දොරේ!.

      Delete
  24. නියම කතා ටික. හදිසි අවස්ථාවකදි ප්‍රයෝජනයට ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සරමෙන් නම්බර් ප්ලේට් එක වහන එක නම් සුපිරි කල්පනාවක් කියලා මාත් හිතනවා, සුමිත්! :)

      Delete
  25. Volkswagen Beetle ලඩි වලට කැමතියි කියන්නෙ හෝදන්න දෙයක් නෑ ඌ නියම බුවෙක් ...

    ReplyDelete
    Replies

    1. මෙන්න තවත් බීටල් ලෝලියෙක්! Join the Club!
      පුබුදුවා ලියන ක්ෂිතිජයේ මේ පෝස්ට් එක කියෙව්වද කම්මල?
      http://ksithijaima.blogspot.com/2012/09/blog-post_3373.html

      Delete
  26. බයේ බෑ අප්පා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ගයනි. මම ඔයාගෙ බ්ලොග් එකට ගියා. ගිහින් කියවලා ආපහු ආවා මොකද ඒ පෝස්ට් වලට කමෙන්ට් කරන්න තරම් දහම් දැනුමක් මට නැති නිසා.:)
      බොහෝම ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
    2. මමත් එතරම් දැනුමෙන් පෝෂිත නැ.ජිවිතය දකින්නේ අත්දැකිම් සහ අත්විඳිම් තුලින්.මට පේන දේ මගේ දැනුමේ හැටියට ලියනවා.එච්චරයි.මට හිත යන බ්ලොග් මම කියවනවා.දහම් කියලා නැ.මම පන්සලට,පල්ලියට,කොවිලටත් යන කෙනෙක්.ඒ කිසිම නායකයෙකු කියලා නැ කාටවත් කරදර කරන්න කියලා.මම මනුෂ්යෙක් උනේ බුද්ධ ධර්මයෙන් නිසා එක දකිනවා .

      Delete
  27. මරු කතා ටික.. තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා පොලීසියෙන් බේරිලා.. අර අන්තිම කතාවේ කෙනා හාට් පේෂන්ට් කෙනෙක් වුනා නම් ඒවෙලාවේ තව ඇටෑක් එකක් එනවා බයටම..

    ReplyDelete
    Replies
    1. දෙයියනේ මේ අපේ තොටියා නේද? කොහේද අප්පේ ගිහින් හිටියේ? මම හිතුවා කම්මැලි කමක් ගහලද කියලා? තොටියා කියෙව්වද මේකෙ මීට කලින් කතාව හිච්හයිකර්.

      ඉතින් දැන්නම් ගෙදර වගේ ඇති නේ ඔහෙ? :)

      Delete
  28. හික්..හික්..තිලකයා තමයි තිලකයා ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට දැන් ඌ සද්දෙ වහලා ඔය ඉන්නෙ, චමී

      Delete
  29. මේ ලිපිය කියලම මගෑරිලා වගේනේ..මේ විදිහට ගත්තාම හෙන්රි නැති එකෙන් ලොකුම පාඩුව වෙලා තියෙන්න තිලකයටද කොහෙද..
    කාඩ් පන්ච් කරන්න බැරිවෙනවනේ..

    ReplyDelete
    Replies
    1. තිලකයාවනොදන්න එකෙක් හොයාගන්න අමාරුයි රූ. අර ගිය පාර බල්ල කාපු වයර් එකෙන් කාරෙක ගිණි අරන්, රෑ ඒක හදලා දුන්නා නේද ටෙක්නීෂන් කෙනෙක්? අන්න එයත් තිලකයගෙ යාලුවෙක් පස්සෙ බලනකොට.

      Delete
  30. ෆට්ට කථා සෙට් එක.. අපි නම් ඔය කාඩ් පන්ච් කිරිල්ල කරන්නේ කෙල්ලෙක්ගෙ ගෙදර ගාවින් යන කොට...

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. මල්සරා උනාම එහෙම වෙන්න එපායැ නැද්ද? :D අපේ නම් ඉස්සර කෙල්ලන්ගෙ ගෙවල් ගාවදි බයිසිකල් වල හුලං බහිනවා, චේන් පනිනවා, වැඩ කෝටියයි.;P

      Delete
  31. හිනා කාලා මැරෙනවා... එයත් බලන් ගියාම මරු පොර... අපූරු පින්තූර ටිකකුත් තියෙන්නේ පෝස්ට් එකටම ගැලපෙන්න දාලා.... ආයෙමත් එන්නම්කෝ ‍මේ පැත්තේ... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් එන්න අලුත් මල්ලි. මම අර කවි සොෆ්ට්වෙයා එක බාගත්තා. බොහෝම ස්තුතියි.
      ඔන්න කවි ලියන බ්ලොගර්ස්ලට අලුත් මල්ලිගෙ සයිට් එකෙන් බාගන්න පුලුවන්.
      මම මේ චිත්‍ර ඇන්දනෙ අලුත් මල්ලියෝ!

      Delete
  32. What a funny story!I couldn't stop laughing.Covering the number plate with the sarong.How ingenious!

    ReplyDelete
    Replies
    1. That's ingenious alright, Blue Lotus! Did you try the English link? You 'd like that too. And thanks for the comment.

      Delete
  33. බ්රේක් ලයිට් එක සරමෙන් වහ ගත්තාම , බ්රේක් ගහන ගහන සැරේට කනාමැදිරියා වගේ ඉන්න ඇති

    ReplyDelete
    Replies
    1. සරමෙන් එහා පැරලල් යුනිවර්ස් එකක් තියෙනවා කියලත් මම මේ ලඟදි කොහේදෝ තිබිලා කියෙව්වා.:D

      Delete
  34. මම එහෙනම් යන බයිසිකලෙන් පනිනවා...මොකද හොල්මනක් එක්ක යනවට වඩා හොදයිනෙ බෙල්ල කඩා ගන්න ඒක.....හරිම ලස්සන චිත්‍ර ටික..... :D

    ReplyDelete
    Replies
    1. කොහොමද කනත්ත ලඟ බයිසිකලෙන් වැටිලා නැගිට ගන්න බැරුව ඉන්නකොට? :O

      Delete
  35. හෙහ් හෙහ් හෙහ්... දැන් Dude හිතන්නේ මම සරාමයි කියලද....?

    ReplyDelete
    Replies
    1. නෑනෙ බං. උඹ චක් නොතාරිස්නෙ! :D
      සරාව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට.:)

      Delete
  36. මෙන්න නිඅම කතා . සමහර විහිලු කතා වලට හිනා යන්නේ නැහැ . විනෝද සමය බලපු උන් වෙච්ච අපව හිනස්සන්න පුළුවන් විහිලු හැමෝටම ලියන්න බැහැ.

    ඔන්න අද නම් කට පුරා කිව්වා හැකි නියම කතා ටික .

    තිලකයා වගේ ෆන් මිනිස්සු දැන් මට නම් මුණ ගැහෙන්නේ නැහැ . වැඩ කරපු කාලේ හිටියා දවසම අපිව හිනා ගස්සපු උන්. දැන් අම්මප මට ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ ගෑනු විතරමයි . හරි හමන් විහිළුවක් කරන්න පුළුවන් බ්ලොග් අවකාශයේ විතරමයි .

    දැන් සරොම් ඇඳපු මෝටර් සයිකල් කාරයෝ වැඩි වුනොත් එකේ සම්පුර්ණ ගෞරවය හෙන්රි ට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බින්දි.
      මමත් වැඩ කරන්නෙ ඔය sense of humor කියන එක ඇත්තෙම නැති, විහිලුවක් කලොත් වරදවා තේරුම් ගන්න, මෝඩ ගොං ජෝක්ස් වලට බිම පෙරලි පෙරලි හිනාවෙන පිරිසක් එක්ක.
      සරොම් ඇඳපු මෝටර් සයිකල් කාරයො වැඩි වෙන්නෙ නෑ බින්දි. පෝස්ට් එක ඇත්තටම මීට අවුරුද්දකට කලින් දැම්මාම වත් එහෙම වුනේ නෑ.:)

      Delete
    2. දයාබර බිංදියේ, අවුරුඩු හැටක් හැත්තෑවකට පස්සෙ ලෝකයේ හුගාක් දෙවක් ආයෙමත් මුලින්ම හිටපු තැනටම එනවා ආකල්පමය වශයෙන්, හැබයි පාටයි ස්වරූපයයි වගෙ දේවල් වෙනස් වෙන්න පුලුවන්, ඒකට පශ්චත්තාප වෙන්න එප කීයටවත්. ලෝකය ගෝලාකාරයි, ඒ වගේම "නානත්ථ කායො, නානත්ථ සංඥා' කියලත් හිතාගංඩකෝ.

      මෙන්න බලංඩකෝ ගිය දෙසැම්බරේ මූ නාකි මාව බලංඩ අත් දෙකම වන වනා ආව හැටි පිට රටක ඉඳලත්.නොට්ටිගෙ පුතා තෝව මම මකලම හුරනවා ඈයෙමතාවොත් ඔහොම, හික් . . .

      https://www.facebook.com/photo.php?fbid=10200155885923529&set=a.2402883435135.2143370.1342568487&type=3&theater

      Delete
  37. අපේ හිටිය ජහුටා කියල පොරක්. බුවාගේ ගේ ළඟ රෑට කට්ටිය කෑ ගහනවලු "ජහුටෝ ජහුටෝ" කියල.. ඊට පස්සේ කෑ ගහලම කියනවාලු "ජහුටා කියල කිව්වේ දී __ට" (ඇත්ත නම) කියලා..

    පහු වෙලා මේ පැත්තේ එවුනේ. අදා හාමිනේලග මහ ගෙදර.. බලංගොඩ මොරහැල.. පස්ට විදියට සිග්නල් තියෙනවානේ ... දුකේ බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වරදක් නොවෙන්නම. අපිත් ඉස්සර ඕවගෙ ෂකඩ වැඩක් කරනවා බං. ස්කූල් වෑන් එක හරි බස් එක හරි නවත්තලා අපේම එකෙක් බැස්ස ගමන්, වාහනේ අදිනකොට, අරූගෙ නම (කරවලයෝ, පණුවෝ, තනි ඇටයෝ හරි) මොකක් හරි කියලා කෑ ගහනවා. ඉතින් අරූගෙ කාඩ් කුඩු. වැඩේ කියන්නෙ අර කෑ ගහපු එනුන් බැස්සාමත් උන්ටත් ඒ ආනිසංසෙම තමයි. අන්තිමට බහින උන් තමයි යන්තං ඉතුරු වෙන්නෙ මොකද උන්ට කෑගහන්න කෙනෙක් නැති හන්දා.

      අපිත් බලංගොඩ ඉඳලා තියෙනවා ඉස්සර. මම හරි ආසා පැත්තක් තමයි.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  38. ඔයටයි, චුටි පුතාටයි ගිය නිවාඩුවට ගිය වෙලාවේ, තිලකේ හම්බුනාම කියපු කතාවක්,අදටත් මතක් වෙන ගානේ චුටි පුතා එක එන්ජොයි කරනවා.

    ReplyDelete
    Replies
    1. DeeJay, චූටි පුතාගෙ ෆොටො එකක් දාංඩකෝ, බලංඩ ආසයි!

      Delete
  39. තිලකේ කියන්නේ ටොප් ම ඩයල් එකක් වගේ.. ඇති අර බයික් එකේ ගිය බුවා තිලකේ ගේ බෙල්ල මිරිකුවේ නැතුවා..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තිලකෙයා, Alexander Cage.
      https://www.facebook.com/cartothilakasiri

      Delete
  40. තිලකයාගේ තව කතා නැද්ද? ටිකක් තියෙනවනම් ආයේ දාපන්. උඹේ ඉස්කෝලේ යාළුවොන්ගේ ඉන්දල මාර සෙට් එකක් නේ ඉඳල තියෙන්නේ.

    ReplyDelete
  41. ඩූඩා මං අහුවුණ තැන කොටන්නේ. අඩූ කියලා ෆිල්ම් එකක් තියෙනවා බලපං

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>