Sunday, April 28, 2013

68. මාරක කේක් වට්ටෝරුව 2 - Cake of Doom 2


මේ කතාව කියවනකොට, ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. :D

ඔයා අන්තිමට කලේ, ඔලුව අත් දෙකෙන්ම බදාගෙන, හොල්මං වෙලා , ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක්, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි බලා ඉන්න එක.

මතක නෑ? එහෙනම් මෙතන ඔබලා පළවෙනි කොටස කියවලාම එන්නකෝ.



ඉතින්...

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම්, යන්න 11ට.

 
 10.

ඔයා ගෙයින් එලියට පැනලා, පිස්සා වගේ පාර දිගේ දුවනවා,  මෙලෝ සිහියක් නැතුව. ආයේ හෝදන්න දෙයක් නෑ, අම්ම දැක්ක ගමන් ඔයා කුස්සියට කරපු අපරාදේ, අම්මා ඔයාව මරණ බව  ඔයා දන්නවා. ඔයා කොහෙද මේ දුවන්නෙ කියල හිතන්නවත්, එහෙම හිතන්න කරදර වෙන්න ඕනෙ කමක්වත් ඔයාට නෑ. ඔයා දුවලා, දුවලා, දුවලා, පැය ගානකට පස්සෙ, මහන්සියටම නවතිනවා. දැන් ඔයාගේ  දිව ඇදිලා, කට ඇරිලා, ඔල්මොරොන්දං වෙලා  ඉන්නේ. ඒ මදිවට බල්ලට වගේ හති. ඒත් මදිවට අතරමං වෙලා. නන්නත්තාරයි!

නමුත්, තවම වාසනාව ඔයා සමඟයි. බැංකු කොල්ලකාරයො රංචුවකට ඔයාව මැදිවෙනවා. එයාලා ඔයාව කණ්ඩායමට බඳවාගෙන, ඔයාට පිහිට වෙනවා. ඒ වෙනුවෙන්, එයාලා ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමයි,  අර බැංකුව කොල්ල කාලා පලා යන කාරෙක, ඒ කියන්නේ getaway car එක එලවන්න කියලයි.  බැංකු මංකොල්ල කන එක නීති විරෝධී බව ඔයා දන්නවා වුනත්,  එයාලට කලගුණ සලකන්න ඔයාට ඕනෙ වෙන නිසා, ඔයා එකඟ වෙනවා.

ඔන්න ඔයා සහබාගි වෙන කුළුඳුල් බැංකු මංකොල්ලය. ඔයා පේව්මන්ට් එක අයිනේ නවත්තලා තිබ්බ කාරෙක, ටයර් කෑගස්සගෙන, දුම් දාගෙන, එන්ජිම ෆුල් රේස් කරලා, එකතැන  පිකප් කරලා, ලෙසටම පාරට විදින කොටම ඔයාට මතක් වෙනවා, ඔයාට කාර් එලවන්න බැරි බව. 

සම්පූර්ණයෙන්ම ඔයාගේ පාලනයෙන් තොරව ස්කිඩ් කරන්න ගන්න කාරෙක, ඇදිලා යනවා ඒ වෙලාවෙ පාරෙ යන කට කපලා
C3H5N3O9 පුරවපු, දැවැන්ත බව්සර් එකක මූණටම! 


ඔව් නයිට්‍රොග්ලිසරීන් තමයි!

නමුත් තවම වාසනාව ඔයා සමඟයි. ප්‍රාතිහාර්යයකට වගේ, බව්සර් එක පුපුරන්නේ නෑ. ඔයායි, ඔයාගේ කණ්ඩායමයි කාරෙකෙන් එලියට බහිනවා, සීරිමක්වත් නැතුව. 

ඔන්න එතකොටම පොලීසියෙන් එනවා. ඔයා පැනලා දුවනවා, ඔලුව හැරිච්ච පැත්තට. ඔයා දුවන්නේ, වයසක නෝනා කෙනෙක් පදවන, අර විදුලියෙන් ක්‍රියාකරන ස්වයංක්‍රීය රෝද පු‍ටුවක් ඉස්සරහට.

මෙන්න මෙතනදි ඔයාගේ වාසනාව අහක බලනවා. ඔයා කකුල පැටලිලා වැටෙනවා. වයසක නෝනා ඔයාගේ ඔලුව උඩින් යනවා.

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴
11.

ඔයා ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකයි, බේකින් සෝඩා තේ හැඳි බාගයයි, ලුණු තේ හැඳි කාලයි, කොකෝ පව්ඩර් කෝප්ප බාගයයි, සීනි කෝප්පයයි, බටර් ස්ටික්ස් එකයි තුන්කාලයි, කිරි කෝප්ප එකයි, වැනිලා තේ හැන්දයි, බිත්තර දෙකයි  අඩංගු මිශ්‍රණය, සීලිමෙනුයි, බිත්තිවලිනුයි, කවුන්ටර් මතු පිටිනුයි, පොලොවෙනුයි සුරලා ගන්නවා.

මේ වෙලාවෙ ඔයාගේ උදව්වට එන ඔයාගේ බල්ලා, සූටි, ඌට අහුවෙන, අහුවෙන තැන් ලෙවකාගෙන, ලෙවකාගෙන යනවා. ඊට පස්සෙ වමනේ දානවා. ඔයා සූටිව කුස්සියෙන් එලවලා දානවා. සූටි ආපහු ඇවිත්, වමනේ දාපු ටික ආයෙම කනවා. ඊට පස්සෙ කාපු ටික ආයෙම වමනේ දානවා. ඔයා ඌව ආයෙම එලවලා දානවා.

ඌ ඇත්තටම ගියාද කියලා බලන ඔයා, බේරාගන්න පුලුවන් වෙච්ච  මිශ්‍රණය ඔක්කොම, ලාවට බටර් ගාපු තැටියට දාලා, ටයිමරය විනාඩි 60කට සෙට් කරලා, අවන් එක ඇතුලෙන් තියනවා.


*අවන් එක රත් වෙන්නේ නැතිනම් යන්න 12ට.

*අවන් එක නම් රත් වෙනවා, ඒ වුනාට, මොකක්ද යකෝ අර අවන් එකෙන් එන,  පහුරු ගාන, 'කූස්-කූස්' ගාන සද්දෙ කියලා  ඔයා කල්පනා කරනවා නම්, යන්න 13ට.


12.
ගොං මෝල් වහන්සේ! ඔයා ගෑස් එක ඇරලා, නමුත් ගෑස් එක පත්තු කරන්න අමතක වෙලා. ඔයා ගිණි කූරක් අරන් ගහනවා ගිණි පෙට්ටියේ, ඒක පත්තු කරන්න, මොකද මේ වෙනකොට මුලු කුස්සියම ගෑස් වලින් පිරිලා තියෙන බව ඔයාට අමතක නිසා.

ගෑස් ගිණි ගන්නවා "පොහ්" ගාලා.
අවන් එක පුපුරනවා "ඩෝං" ගාලා.
කුස්සිය පුපුරනවා "ක-බූම්" ගාලා.
ඔයාත් පුපුරනවා.

ඉතින් ඔයා මැරෙනවා.



 ෴ නිමි  ෴

13.
 ඔයා දණ ගහගෙන අවන් දොරේ වීදුරුවෙන් එබිලා බලනවා. අම්මා ගහයි කී බෝඩ් එකෙන්! ඒ අවන් එකෙන් එන  පහුරු ගාන කූස් කූස් ගාන සද්දෙ එන්නෙ කේක් එකෙන් නෙවෙයි, සූටියාගෙන්.  ඔයා අහක බලපු වෙලාවක මේ මෝඩයා අවන් එක ඇතුලට රිංගලා. ඔයා අවන් එකේ දොර ඇරලා පස්සට වෙනවාත් එක්කම, අවන් එකෙන් එලියට පනින සූටියා කුස්සියේ රවුමට, රවුමට දුවනවා රොකට් එකක් වගේ, මොකද උගේ නැට්ටට ගිණි අරන් නිසා.
*සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ ඔයාගේ ඇ‍ඟේ ගෑවෙනවා නම්, යන්න 14ට.

* සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ මේස රෙද්දෙ ගෑවෙනව නම්, යන්න 15 ට


14.

ඔයාට "ඈව්-ඈව්" කියවෙනවා,  කලිසමට ගිණි  ඇවිලෙන නිසා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත් චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා, කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. 


ගිණි දැල් ඔයාව වෙලා ගන්නවා. 

ඔයා මැරෙනවා.



෴ නිමි  ෴

15
ඔයාට දිගින් දිගටම  "ඈව්-ඈව්" කියවෙනවා, මේස රෙද්දට ගිණි  ඇවිලෙන හැටි කට ඇරගෙන බලා ඉන්න නිසා. ටිකකින්, ඔයා නැප්කින් එකක් අරන් ගින්න නිවන්න හදනවා. මෝඩ ගොං මෝල් වහන්සේ! ඔහොම කරන්න බෑ ඕක. මම කිව්ව නේද! නැප්කින් එකටත් ගිණි තිබ්බනේ, මේ මෝඩ ගොං මෝල් වහන්සේ!
ඔයා නැප්කින් එක බිමට අතාරිනවා. බිම දාලා තියෙන ලිනෝලියම් එක උණුවෙන්න ගන්නවා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත්, චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. ඔයා දුවනවා ලඟම තියෙන නාන කාමරයට. වැඩක් නෑ, ඒක ලොක් කරලා. ඔයාගේ අක්කා, ජෙන්, ෂවර් එකක් ගන්නවා. එයා ඉතින් වරුවකට ඕකෙන් එලියට එන්නේ නෑ, ගේ ගිණි ගත්තයි කිව්වත්. කතාකරලා වැඩක් නෑ. ගෑණු ඔහොම්මමයි.

ඔයා දුවනවා උඩ තට්‍ටුවේ නාන කාමරේට. අම්මෝ ඇති යාන්තං, ඒකෙ කවුරුවත් නෑ. ටැප් ඇර ඇර ඉන්න වෙලාවක් නෑ. ඔයා කෙලින්ම ටොයිලට් බෝල් එක ඇතුලට ඔලුව ඔබලා, ගන්නවා කට පුරෝලා වතුර එකක්. අරන් ආපහු කුස්සියට දුවලා, මේස රෙද්දටයි, නැප්කින් එකටයි ඇවිලේන ලිනෝලියම් පොළොවටයි, කටේ පුරවගෙන ආපු ටොයිලට් වතුර හලනවා "ප්...ලූ...ලුග්..හ්ක්," ගාලා.


*ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වුනත්, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක් පෙවෙනවානම්,  යන්න 16ට.


 * ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වෙලා, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක්වත් පෙවෙන්නෙ නැතිනම්,  යන්න 17ට.

16.


ඔයාට ඔක්කාර ගතියක් දැනෙනවා. පුදුමයක්යෑ මෝඩයෝ  ඔයාට ටොයිලට් වතුර පෙවුනයි කිව්වාම. අර එක බින්දුවක, මාරාන්තික විෂබීජ බිලියන් තුනකට වඩා අඩංගු, කිලු‍ටු, ජරා, ගඳගහන, අප්‍රසන්න, භයානක  ටොයිලට් වතුර!

අර මාරාන්තික විෂබීජ ඔයාගේ ආමාශයට ඇතුල් වෙනවා. එතනින් ඇතුල් වෙනවා ඔයාගේ රුධිර වාහිණී පද්ධතියට. දැන් ඔයා හොඳටම සුදුමැලි වෙලා, අප්‍රාණික වෙනවා. 






ඔයා මුලින්ම කොළ පාට වෙනවා.
ඊට පස්සෙ නිල් පාට වෙනවා.
ඊට පස්සෙ එක්තරා දුර්ලභ වර්ගයක  අලංකාර දම්පාටකට හැරිලා,
ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

17.

ඔයා දැන් කේක් එක කොහොමද කියලා බලනවා. ඊට පස්සෙ බලනවා සූටියාට කොහොමද කියලා. උගේ නැට්ට තවම ගිණි ගන්නවා. ඔයා සූටියව කරපටියෙන් අල්ලලා නවත්තගෙන, ඌව වඩාගෙන දුවනවා නාන කාමරේට.

ඔයා හදන්නේ සූටියාගේ
නැට්ට ටොයිලට් එක ඇතුලට ඔබලා නිවන්න. නමුත්, ඌ හිතන්නෙ, ඔයා ඌව නාවන්න හදනවා කියලා. ඌ නාන්න කොච්චර හොරද කියනවානම් ඌට නාන්නෙ නැතුව ඉන්න පුලුවන් නම්, නැට්ට ගිණි අරන් තියෙන එකත් ඉවසගෙන ඉන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.

ඌ දරදඬු වෙලා, කකුල් දික් කරගෙන ඉන්නවා ඌව ටොයිලට් බෝල් එකට ඔබන්න බැරි වෙන්න. ඔයා මූව බලහත්කාරෙන් ටොයිලට්
බෝල් එකට ඔබන්න දඟලන අතරේ, ඔයා සිස්ටන් එකේ මුදුනෙනුත් අල්ලාගන්නවා සපෝට් එකට. අන්තිමේදි ඔයා වැඩේ නම් ගොඩ දාගන්නවා.

සූටියගේ නැට්ට වතුරේ එබෙනවත් එකක්ම, චූස් ගාලා හුමාලය වලාවක් නගිනවා ටොයිලට් බෝල් එකෙන්. නමුත් ඒ එක්කම, ඔයා අතින් වැරදිලා ෆ්ලෂ් බටන් එක එබෙනවා. ටොයිලට් එක ෆල්ෂ් වෙන්න ගන්නවා.

* ටොයිලට් එක ෆ්ලෂ් වෙද්දිත් ඔයාට පුලුවන් වෙනවා නම් සූටියව අල්ලලා නවත්තා ගන්න, යන්න 18ට

* සූටියාව ෆ්ලෂ් වෙලා ගහගෙන යනවා නම්, යන්න 19ට.





18.

ඔයා සූටියාව ටොයිලට් බෝල් එකෙන් උස්සලා අරන් වඩාගෙන් ආපහු හැරෙනවා.  "හෑ....හ්!!!!!!!!!! අම්මා!!!!!! අම්මා හිතන විදියට වගේම, බැලූ බැල්මටත්, ඔයා  අර අහිංසක බල්ලව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න හදලා අතේ මාට්‍ටු!

අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා.

අම්මා, එක අතකින් ටොයිලට් බ්‍රෂ් එකයි, අනිත් අතින් එයා ෆ්‍රෙෂ්නර් එකයි  අරගෙන, එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක් බව  ඔප්පු කරනවා. 


මෙතනදි අර 'අම්මා ගහයි බැට් එකෙන්', 'අම්මා ගහයි කී බෝඩ් එකෙන්' කියන යෙදුම්වල ඉතිහාසගත වෙනසක් ඇති කරමින්,

අම්ම ගහන්නේ  ටොයිලට් බ්‍රෂ් එකෙන්.


ඔයා මැරෙනවා.



෴ නිමි  ෴

19.



හුටා! ඔයා සූටියාව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කලා වැරදීමෙන්. අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා. එයා විහිලු නෙවෙයි කරන්නේ. එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක්.

සූටියව හොයාගන්න වෙනවා. ඔයා එක කකුලක් ටොයිලට් බෝල් එක ඇතුලෙන් තියනවා. ඊට පස්සෙ අනිත් කකුලත් ඇතුලට ගන්නවා. ෆ්ලෂ් බටන් එක ඔබලා ටොයිලට් එක ෆ්ලෂ් කරනවා. ඊ ලඟට ඔයා අධිවේගයෙන්  S බෙන්ඩ් එක හරහාත්, ඊට පස්සෙ දිග පයිප්ප ඔස්සේත් ඇදිලා යනවා හරියට වෝටස්ලයිඩ් එකක යනවා වගේ, නමුත් වෙනස මේක ඊට වඩා දිගයි, ගඳයි. ඔයා සූවර් ලයින් දිගේත් ගිහින් අන්තිමේදි මුහුදට වැටෙනවා. සූටියා පේන්න නෑ.  


දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන් ඉන්නේ... දැන් ඔයා ගිලෙන්නෙ ඔන්න මෙන්න. එතකොටම ඔයා දකිනවා තල්මසෙක්.


* තල්මසා ඔයාව ගනන් ගන්නේ නැති නම්, යන්න 20ට.

* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට.


හැබැයි 20ටයි 21ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ අන්තිම කොටස දානකල්. 

ඒයි ඩූඩ්, හොඳ එකා වගේ ඕක ඉක්මනට දාපං බං, මේ කට්ටිය බලං ඉන්නවනේ.

මේ ඩූඩ්, මැරුං නොකා ඕක දාපං, ඈ.

ප.ලි: ඔන්න දැම්මා. අවසාන කොටසට මෙතනින් යන්න.

 
Andy Griffiths -  Just Disgusting - Cake of Doom.


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

77 comments:

  1. ඩුඩ් අර අන්තිමට කියලා තියනදෙ නොතිබුනානම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. උඹලට ලේසි වෙන්න මමම කිව්වා. :))

      Delete
  2. මේකත් අර බිත්තර ඔම්ලටයක් හදන එක වගේනෙ..දැන් කේක් කැලේ.. :D

    ඩූඩ් 16 දෙපාරක් වැදිලා.. මම හිතුවා එතනින් කතාව ඉවරයි කියලා.. බලද්දි මෙනවිය ගැනීමක් ( මිස්ටේක් එකක් ) :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා, ඒක හැදුවා. ඒක මෙනෙවිය ගැනීමක් තමයි. :)

      Delete
  3. ඩුඩ්!!!!!!!!!!!!!! ආයෙම කලානෙ වැඩේ!!!! මේක එනකල් බලා ඉදලා මට නම් හයිපර්ටෙන්ශන් වගේ....

    හරිම ලස්සන කතාව ඩුඩ්...චිත්‍රෙත් ඒ වගේමයි... :D :D :D

    මම නම් තල්මහගේ පිට උඩ නැගල යනව.....

    මේ කේක් එක හැදුවට වඩා හොදයි නිකන් හිටිය නම් හිහ් හිහ් හිහ් :D :D :D
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.....

    අර සුටිය වමනෙ කරන එක නම් හරිම අප්පිරියයි...ශිහ් :D

    ReplyDelete
    Replies
    1. චිත්‍රය ඇන්දේ ඊයේ රෑනේ.

      ස්තුතියි අර 16 දෙපාරක් තියෙන එක ගැන ඊ මේල් එකක් එව්වට. ඔය සෙන්නත් කිව්වේ ඒකමයි.

      මේක අප්පිරියා වෙන්න ඕනෙ. පොතේ නම් "ඈක්කා", ("Just Disgusting")

      Delete
  4. හිනාවයි,අප්පිරියාවයි 50ට 50 මිශ්‍ර වෙලා අද.
    ලියවිල්ල නම් මුල සිටම පස්ටය.

    ReplyDelete
    Replies
    1. 50:50 අනුපාතය හරියට හරි මචං. මොකද අද උඹ උදෙන්ම නැගිටලා? :D

      Delete
  5. මු මැරෙන්නේ නැතිව බෙරාගන්නම බැරිද මචන්.

    ReplyDelete
  6. Replies
    1. ස්තුතියි සංජීව. :)

      Delete
  7. ගැලවීමක් නම් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ගොනා පසුපස යන කරත්ත රෝදය මෙන්... h-(

      Delete
  8. ඉතිරි කොටසත් එනකං ඉතිං බලං ඉන්නං. නැතුව වෙන මොනවා කරන්නද නේද ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. ඇයි බැනපං ඕකාට. s-)

      Delete
  9. අර අන්තිම ඩිංග මාත් හයියෙන්ම කිව්වයි කියල හිතාගං

    ReplyDelete
    Replies
    1. අලුතෙන් compose කරන්න මහන්සි නිවෙන්න තමයි මම එහෙම දැම්මේ. බලපං මම කොච්චර උඹලාගෙ සුව පහසුව ගැන හිතනවද කියලා. :))

      Delete
    2. හපොයි.. ඒ ගැන නම් කවර කතාද... දන් ඉතිං මං අද රෑට මේක ආයිත් ශබ්ද නඟා කියවීමේ පාඩම් කරන්න එපැයි... හි හි

      Delete
  10. 'ඔයාගේ අක්කා, ජෙන්, ෂවර් එකක් ගන්නවා. එයා ඉතින් වරුවකට ඕකෙන් එලියට එන්නේ නෑ, ගේ ගිණි ගත්තයි කිව්වත්. කතාකරලා වැඩක් නෑ. ගෑණු ඔහොම්මමයි'
    නියම කතාව :D
    චිත්‍රෙත් ලස්සනයි.

    ඊගාව කොටසත් දාමුකො එහෙනං.

    ReplyDelete
    Replies
    1. මහාද්වීපේ වෙනස් වුනත්, ලෝකෙ අනිත් පැත්තේ වුනත්, ඔය අත්දැකීම නම් පොදුයි, නැද්ද?

      ස්තුතියි ප්‍රසන්න. :)

      Delete
  11. හි හි.... හු හු...... හැක හැක........

    හික්ස්....

    ReplyDelete
  12. ඩුඩ්,

    d( මේ කේක් එකක් හන්දා ඇන්ඩියා විදින කරදරයක්!

    ReplyDelete
    Replies
    1. එකක් කඩෙන් ගෙනාව නම් ඉවරයි, නේ? :)

      Delete
    2. මේ Emoticons දාන්නෙ කොහොමද?????!!!!! :O :O :O මටත් කියන්නකෝ...

      Delete
    3. Can you see there is a link saying 'Show emoticons' at the bottom of the post, just before the comments start? Press that. You'll see the key strokes required for each emoticon. Only ones that are there work.

      Delete
    4. Puthu, where are you ????????????? :-?

      Delete
    5. Oh thanks!!!!!!!!!! I am here!!!....:-f

      Delete
  13. තල්මහ මාව ගිල දායි. තල්මහගේ බඩ ඇතුළේ පිනෝකියෝ යි එයාගේ තාත්තයි ඉඳියි ද?

    කතාව හරිම ලස්සනයි ඩූඩ්! ඒත් හරිම අප්පිරියාසහගත තැන් ටිකකුත් තියනවා නේද? අර සූටියාගෙ වමනෙ සයිකල් එක වගේ.

    ReplyDelete
    Replies
    1. අප්පිරියා වෙන්න එපායැ සිතූ, මේ කතා පොතේ තියෙන්නෙ අප්පිරියා කතා සිලෙක්ෂන් එකක්. නම Just Disgusting! ඔයාට අයියලා මල්ලිලා ඉන්නවානම් මතක් වෙයි, එයාලා ඔයාට අප්පිරියා හිතවන්න මොන තරම් අප්පිරියා කතා කියනවද කියලා.
      Part of growing up: Part of being a Boy. :D

      Delete
  14. උඹත්, අටමා වගේ මෙගා ටෙලි නාට්‍ය නිශ්පාදනයට අත ගහලා වගේ. ඒ උනත් බැන බැන බලනවා. ආතල්කි සින්ද ගී.. පිස්සුනම් කෙලින්න එපා සුමනා......

    ReplyDelete
    Replies
    1. දැන් මට කතාව හිතා ගන්න පුළුවන්....

      Delete
    2. >>දැන් මට කතාව හිතා ගන්න පුළුවන්....<<

      හරි බලමු, ඈ. මම නම් කියන්නේ උඹ හිතාගෙන ඉන්න අවසානය නෙවෙයි වෙන්නේ කියලා. බලමු.

      :D

      Delete
  15. යකෝ මේක ඒ කලේ දැනගෙන හිටියනම් මේක දෙමලෙන් ලියලා ප්‍රින්ට් කරලා දානවා ගුවනින් එල්.ටී.ටී.ඊ. කෑම්ප් වලට. උන් මේක කියවන අතරේ අපිට පයින් ඇවිදගෙන ගිහින් උන්ට වැඩේ දෙන්න තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේක විචාරකගෙන් ලබපු හොඳම ප්‍රසංසාව හැටියට මම බාර ගන්නවා. :-h

      Delete
    2. හැක්.. හැක්.. විචාරකගේ කතාව නං බඩ පැලෙන ඉල ඇදෙන එකක්.. හැක් හැක්... අපිට දැං ඕක කරන්න තියෙන්නේ සුපර් මාර්කට් වල. උන් කියවන කොට බඩු ටික උස්සන් දුවන්න පුළුවන් නේ...

      Delete
  16. මම චොක්ලට් කේක් කන්නේ නෑ! ඒ නිසා මැරෙන්නේ නැතෝ!!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෂේප් කියලද හිතන්නේ, නාඩියා?

      Delete
  17. අහෝ ජුගුප්සාජනකයි අහෝ අහෝ..

    ReplyDelete
    Replies
    1. අනේ ඕව් බං, ජුජුබ්සුත් එපා වෙනවා තමයි.

      Delete
  18. කොමඩ් එකේ වතුර කටට ගන්න එක නම් මරු ! කෑම කන වෙලාවටත් මතක් වේවි :D

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ රසේ වෙනසක් නැතුව ඇති අප්පා. :-O

      Delete
  19. මම මේ බැලුවේ මැරෙන්ට තියෙන ක්‍රම ගොඩ. :D

    ReplyDelete
    Replies
    1. Full option, පොඩ්ඩි, full option. :)

      Delete
  20. මේ වගේ ළමේක් සහෝදරයෙක් කෝටියක් දුන්නත් එපා අප්පා..පිස්සු හැදෙනවා..!!

    ReplyDelete
    Replies
    1. පව් රූ, එහෙම කියන්න එපා. මූ බොක්ක හොඳ එකා.

      Delete
  21. මැරෙන්න ක්‍රම බොහෝමයයි. ජීවත්වෙන්න ක්‍රම ස්වල්පියයි..

    :)

    ජයවේවා සහෝ !

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. උඹටත් ජය සෑමෝ! d-)

      Delete
  22. ඇත්තටම හෙන්රියෝ උඹ මොකක් හරි අසනීප තත්වෙකින් නෙවෙයි නේද ඉන්නේ. එක්කෝ උඹට මගේ කමෙන්ට් එක කියවන්න කම්මැලි නම් 12 වෙනි කොටසම කියවපන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න සුදීකත් මට ඔප්ෂන් දීලා. හරි හරි, ඊ ලඟ එකෙන් ඉවරයි. :D

      Delete
  23. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා වාගේ....
    =))

    ReplyDelete
    Replies
    1. ඉතින් නරකද? ඩියුටි ‍ෆ්‍රී. :)

      Delete
  24. මොන කෙහෙල්මලක්ද :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙහෙල්මල් නෙවෙයි බං, චොක්ලට් කේක්! :D

      Delete
  25. Replies
    1. අවංකවම සන්තෝසයි, නිශාන්. :)

      Delete
  26. මරු කේක් හැදිල්ලක්නේ බොලේ මේක.......
    කොටස් දෙකම කියෙව්වේ අද.මට මඥ්ඥන් වගේ මේක කියෝලා....

    ReplyDelete
    Replies
    1. මඤ්ඤං වෙන්න එපා සමනලී. ඉගෙන ගන්න චොක්ලට් කේක් එක හදන්න ඕනෙ විදිය (නොමැරී). :))

      Delete
  27. හපෝ ඔක්කොමත් හරි අර ටොයිලට් බටේ අස්සෙන් යන එකත් හරි :ද

    ReplyDelete
    Replies
    1. ඒක මාර ෆන් ඇති හරියට Water World වගේ තීම් පාක් එකකට ගියා හා සමානව. :))

      Delete
  28. මම නම් මචං අර 10වෙනි කොටසෙන් මළා.... දැන් ඉතිං කරදරයක් නෑ.. ඊලඟ කොටස් එනකං බලං ඉන්න ඕනෙත් නෑ...

    පහුගිය ටිකේ මිස් වෙච්චා කියෝගෙන කියෝගෙන ආවා.. උඹ මාර ලිවිල්ලක්නෙ ලියලා තියෙන්නෙ.. ඉරිසියා හිතෙනවා... වචන දෙකක් ලියාගන්න පණ නෑ මට මේ දවස් වල..

    ReplyDelete
    Replies
    1. එහෙම මැරෙන්න එපා බං. අනික ඒ විදියට කියවන්නේ නැතිව ඔහේ කියවගෙන පලයං මොකුත් මිස් නොකර. මම ඒත් බැලුවා උඹෛ කමෙන්ට් එක කෝ කියලා. උඹ, DDT හෙම දාන කමෙන්ට් එනකල් මම බලාගෙන ඉන්නේ.

      මෙහෙමයි. මගේ ඔලුවේ තියෙන ස්ට්‍රෙස් එක අඩුවෙන වැඩ කීපයක් තියෙනවා. එකක් හවසට ජොග් කරන්න යන එක. ඒක මම මොන වැඩේ තිබුනත් යන ගමනක්. අනික බ්ලොගිං. මම ඔය දේශපාලන, ජාතිවාදි, වර්ගවාදී මගුල් හෙම වැඩිය කියවන්නෙත් නැත්තේ එතකොට මගේ ඒ අරමුණ සාක්ෂාත් වෙන්නේ නැති නිසා.

      Delete
  29. කියෝගෙන යන අපිට හයියෙන් ටොක්කක් ඇනල අන්ඩියව මරන්න ඔප්ෂන් එකක් නැද්ද ඩූඩ්. මට ඇත්තටම එහෙම කරන්න හිතිලයි තියෙන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. මොකට වද වෙනවද? ඒකා රතුපාට ඔප්ෂන් එක ‍තෝරාගත්ත ගමන්ම මැරෙනවා නේද, පරිකල්පන?

      Delete
  30. මේක කියෙව්වාම මම නම් අතීතයට ඇදිල යනවා, මොකද මමත් මෙහෙම උනොත් මෙහෙම වෙයි, නැත්නම් මෙහෙම වෙයි කියලා සෑහෙන්න දුරට හිතන කෙනෙක්...අයියේ මේ, දෙකක් කියන්න කලින් දානවද අනිත් කොටස?

    ReplyDelete
    Replies
    1. මේ නංගෝ, දෙකක් කියන්න කලින් දානවද තව කොටහක්.... :D

      මොකෝ මේ දවස්වල පේන්න නැත්තේ? කප් කේක් කන්න ගිහිං බඩේ අමාරුවක් හදුනයි කියලා කලින් පෝස්ට් එකේ කමෙන්ට් එහෙකුත් දාලා තිබුණේ. දැන් සනීපද?

      Delete
    2. මම බැලුවා අර Cup cakes of Doom හැදුවට පස්සෙ මොකද වුනේ කියලා නදිනිට. :))

      Delete
  31. ඊයේ රෑ කම්පීතරේ දාගත්තේ ගොඩක් රෑ වෙලා. ඒ හින්දා මේක දැක්කත් නොදැක්කා වගේ ගියා.

    ----------------------

    බල්ලා අවන් එකේ කිව්වම කට බාගෙට ඇරුනා. කොමෝඩ් එකේ ෆ්ලෂ් උණා කිව්වම තව ටිකක් ඇරුනා. ඇන්ඩියා ෆ්ලෂ් කර ගත්තා කිව්වම.... :O

    හැබැයි ටොයිලට් වතුර කටට ගත්තා කිව්වම එච්චර අවුලක් දැනුණේ නෑ. මොකද අපි දන්නවනේ පුතය කවුද කියලා. අර එකපාරකුත් ඔලුව හේදුවේ කරපොත්තෙක් පන්නන්න. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අකමා ගෙදර එන්නෙ රෑ වෙලා නේ?

      මේ පොත Just Disgusting නෙ අකමා. අනික මේ කතාවෙන් කියවෙන්නේ ළමා මනසක් ක්‍රියාකරන විදිය. පේනවද නිතරම අම්මලා නිතර දෙන අවවාද, බැනිලි, එතකොට සමාජ සම්මත මොන විදියට ඔලුවට වැදිලා තියෙනවද කියලා.

      Delete
  32. මැරෙන එකත් එක පාරම මැරුනම ලේසි කාටවත් කරදරයක් නෑ කියන්නේ ඇත්ත තමා.. දැන් ඊළග එකත් එකනක් ඉන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. ඉඳපං දිනේෂ්, වැඩි දවසක් ඉන්න නෑ. මේ සිත්තරේ අඳිනවා.

      Delete
  33. පහුගිය කොටසෙදි නං සෑහෙන පාරක් මරුන. මේ සැරේ නං එක පාරක් වත් නෑ!!! හුරේ!!

    ReplyDelete
    Replies
    1. Well Done, මුහුදු! Keep it up!!

      Delete
  34. මැරෙන්න මෙච්චර ඔප්ශන් තියෙන බව දැන්නෙ දන්නෙ. මේක කියවද්දි මට 'ෆයිනල් ඩෙස්ටිනේශන්' ‍ෆිල්ම්ස් මතක් වුන. එකකින් බේරුනත් ආයෙ වෙන ක්‍රමයකට කොහොම හරි මැරෙනවනෙ.

    ඩිස්ගස්ටින්ග් කිව්වට පුදුම ඩිස්ගස්ටින්ග්. ටොඉලට් වතුර පෙවෙන එක, බල්ල වමනෙ කන එක, (ඕක්, ඕක්) නෝනගෙ රෝද පු‍ටුවට යටවෙන එක ජාති කීයක්ද? තව මැරිල ඉවර නැත්ද?

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>