Saturday, March 23, 2013

55.HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!


මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.

e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන  notification e mail  එක එනවා.

නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.

ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.

මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම හිටිය බවත් මතකයි.

දැන් දවස් ගානක් තිස්සෙ ජාලෙ පීරලා හෙව්වත් මේ ගැන් ප්‍රශ්ණ කරපුවා මිස උත්තරයක් ලැබිච්ච තැනක් මට නම් හොයාගන්න බැරි වුනා.

මේ ගැන පරීක්ෂණ කරන්නම අලුතෙන් තවත් බ්ලොග් එකක් හදලා බැලුවා. ම්හ්ම්.

මේ ප්‍රශ්ණය ෆීඩ් වල අවුලක් වෙන්න ඕනෙ. ඒත් ඒක හොයා ගන්න බෑ හරියට. ෆීඩ් එක හරියට පෙන්නනවත් එක්ක.

ඉතින් අන්තිමේදී අර අමාරුවෙන් හදාගෙන තිබ්බ ටෙම්ප්ලේට් එකත් මාරු කරලා බැලුවා. හරි ගියේ නෑ.

ඉතින් ඔයාලා කට්ටියගෙන්ම මට පොඩි සහයෝගයක් ඕනෙ වෙලා තියෙනවා.

ඔය රීඩර්, සින්ඩි, මොක තිබුනත් කෙනෙක් බ්ලොග් පෝස්ට් එකක් කියවන්න එන්නෙ තමන් ගිය බ්ලොග් එකක බ්ලොග් රෝල් එකේ දැක්කාම තමයි වැඩි වශයෙන්ම.

ඉතින් මට සහයෝගය දැක්විය හැකි ක්‍රම දෙකක් තියෙනවා දැනට.

පළවෙනි එක  මගේ දැනට අප්ඩේට් වෙන HeyDude සහ මට හිතෙන හැටි සහ මේ මොහොතේ අප්ඩේට් නොවෙන මගේ ඩෙනිම බ්ලොග් වල ලින්ක්  ඔයාලගේ බ්ලොග් රෝල් වලට එකතු කිරීමෙන්. මම කරන්න යන්නෙ මගේ ඩෙනිමට අනිත් බ්ලොග් දෙක තුලින් පිවිසීමට අවස්ථාවක් දෙන්නයි. 


මෙන්න ලින්ක් තුන බ්ලොග් රෝලෙ එල්ලන්න.

dude-heydude.blogspot.com
matahithenahatty.wordpress.com
http://bluejeansntshirts.blogspot.com
 

දෙවෙනි එක  මගේ ඩෙනිමේ අර උඩින් තියෙන Follow by email කියන තැන ඔයාලගේ ඊ මේල් ලිපිනය දාලා submit කිරීමෙන්.


(එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)

එහෙනම් කරමුද වැඩේ?

බොහෝම ස්තුතියි.

27 comments:

  1. ඩූඩ් Glidepath එකනම් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙනවා..අන්න මගෙ එකේ අප්ඩේට්වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ සෙන්නා Glidepath එකත් එල්ලගෙන නේද? මම ඒක නොකිව්වෙ බං ඒක පර්යේෂණ කටයුතු වලටම වෙන් කරපු එකක් නිසා. එල, එල!

      මම ඒකෙන් සෑහෙන අලුත් දේවල් ඉගෙනගත්තා කරලම බලලා.

      මම ඒකෙත් දාන්නම් අලුත් පෝස්ට් එකක් දැම්මම ලින්ක් එක. එතකොට වැඩේ ගොඩ. :)

      Delete
  2. මට නම් ඔව්ව ගැන දැනීමක් නැත, මම ලියන බ්ලොගක් තියෙනවයැ.

    ඒත් මේ තමන් අමාරුවෙන් ලියන පෝස්ට් අප්ඩේට් නොවීම බ්ලොග්කරුවෙක්ට කොයි තරම් හිත් වේදනාවක්, කරදරයක්ද කියල නම් මම කලිනුත් දැකල අවබෝධකරගෙන තියෙනව. ඉක්මන් විසඳුමක් ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බන් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක බ්ලොග් කාරයෙකුට් දෙන්න පුලුවන් ලොකුම දඩුවමක්.. සින්ඩි දාහක් තිබුනත් වැඩක් නෑ බන්..බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවුනොත් බල්ලෙක්වත් බලන්නෑ..

      ඩූඩ් නිකමට මේ ඔක්කොම බැනර්, ලේබල් ගලවලා පෝස්ට් එක විතරක් තියලා ට්‍රයියක් දාලා බලන්න..

      Delete
    2. @DDT:උඹ බ්ලොග් නොලියන එකෙන් ඇත්තටම අපිට පාඩුයි. මොකද උඹ බ්ලොග් ලිවිය යුතුම එකෙක් නිසා. අඩු ගානෙ උඹ කමෙන්ට් ලියනවනෙ.

      උඹට පුලුවන් e-mail subscribe කරන්න

      @Senna:කියලා වැඩක් නෑ සෙන්නා. බ්ලොග් රෝල් වලින් වෙන්නෙ මාර සේවයක්. මම ඉස්සර ලියන්නගෙ බ්ලොග් රෝල තමයි සින්ඩිය හැටියට පාවිච්චි කරන්නෙ. ඔය මගෙ බ්ලොග් රෝලෙ තියෙන්නෙත් ඇත්තටම මම බලන ඒවා. අනික තමන්ට විතරක් නෙවෙයි, බ්ලොග් එකට එන අයත් හුඟ දෙනෙක් ඒකෙන්නෙ තව එකකට යන්නෙ.
      ට්‍රැ‍ෆික් බලන කොටත් පේනවා ඒක.

      අනේ බොල මේ ඉතාම සරළ ටෙම්ප්ලේට් එකක් දාලා අඩුවෙන් ෆෝර්මැට් කරලා තියෙන්නෙ. අර මහා ලොකු අකුරු බැනර් එකක් නෙවෙයි මේකෙ ඩිෆෝල්ට් ටයිටල් එකම ෆොන්ට් ලොකු කරලා විතරයි. ඒ අකුරුත් අඩුගානෙ වෙබ් ෆොන්ට් එකක් නෙවෙයි බ්ලොග් එකේම තියෙන ෆොන්ට් එකක්

      මේක හරියනවා සමහර විට කාලෙකින් නිකම්ම.

      Delete
  3. අප්ඩේට් වෙලා නෑ තමා. සරත් ලංකාප්‍රිය ගොය්යගෙන් අහලා බලන්න. මිනිහටත් ඕකම වුනා. මටත් වුනා. ඒක හදලා දුන්නෙ වැප්නිශාන්ත. සෙටිංග්ස් වල ෆීඩ් දෙන තැන වැරදි ලින්ක් එකක් සේව් වුනාම ඕක වෙනවා කියලයි මට පො‍ර කිව්වෙ.... ඒ විදිහට මගේ වෙලා තිබිලා හදා ගත්තා. මේකට හොදම දොස්තර වැප් බලාගෙන යනකො‍ට.... දැන්ම අමතන්න.

    ReplyDelete
    Replies
    1. බුද්ධියා, සෙටිංස් වල ෆීඩ් ඩිෆෝල්ට් වැටිලා තියෙන්නෙ. ලින්ක් එකේ වැ‍රැද්දක් පේන්න නෑ. අනික මේක පටන් ගත්තෙ අර මොළ ගැන දාපු පෝස්ට් එකෙන් පස්සෙයි. අන්තිමට අප්ඩේට් වුනේ ඒකනෙ.

      මම වැපාගෙ ඊ මේල් එක දන්නෙ බං.

      Delete
    2. මොළේ ගැන බලල බ්ලොගර කාරයගෙ මොළේ කචල් උනාද දන්නෑ

      Delete
    3. අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! ඇත්තටම එහෙම වුනාද දන්නෙත් නෑ තමයි බං!

      Delete
    4. වැප් උන්නැහේගෙන් මං ඇහුවාම "මටත් ඕකා ඔකම කරනවා කිවූව මිසක් පිලියමක් දුන්නේ නෑ. ! ගූගලයාම දුක හිතිලා ලෙඩේ හොඳකලා.

      Delete
  4. මගේ ඩෙනිම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නෙත් නෑ නේ.. අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නේ අර පැරලල් බ්ලොගින් කතාව... ඒත් නදීගේ ටෙස්ටින් පෝස්ට් එක හරි.... ඔය ම‌ෙග් ඩෙනිම ගාවින්ම මූණ දාන්න ගිහින්වත් මොකක් හරි ජරමරයක් කරගත්තද..... ?

    ( නැත්තම් ඩූඩ් අයියගේ මූණ දැකලා බ්ලොගර් ‌ගොයියට කලන්තේ හැදිලද දන් නෑ.. හි හි)

    ReplyDelete
    Replies
    1. :D ඩෙනිම ගාවින් මූණ දැම්මෙ ලෙඩේ පටන් ගත්තට පස්සෙ හිරුවෝ. Google + ගියෙත් මේකට විසඳුම තියෙයිද කියලා බලන්න.

      ඔය උදව්ව කරාපංකො පියවර එක, දෙක හෝ දෙකම.

      Delete
  5. Glidepath එක දිගටම කරගෙන යන එකක් ද..

    ReplyDelete
    Replies
    1. Glidepath ගැන මම කිව්වෙත් නැත්තෙ චන්දන, ඒක පර්යේෂන කටයුතු වලට හදපු එකක් නිසා. හරියට පර්යේෂණාගාර මීයෙක් වගේ. :). ඒකෙන් බය නැතිව අත්හදා බැලීම් කරන්න පුලුවන්.

      උඹ දීපු සපෝර්ට් එකට බොහොම ස්තුතියි චන්දන.

      Delete
    2. හරියට පර්යේෂණාගාර මීයෙක් වගේ. :). මගෙත් එහෙම ඒවා තියනවා. බය නැතුව ඕන එකක් ටෙස්ට් කරන්න පුළුවන්.

      දැන් නම් පෝස්ට් අප්ඩේට් වෙනවා.

      Delete
  6. මචෝ මම වෙනමම picture ගැජට් එකක් සයිඩ් බාර් එකේ උඩින් ම දැම්ම. උඹේ මගේ ඩේනිමේ අලුත් එවා මම එකේ අප්ඩේට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මචං, මම දැක්කා. නියමයිනෙ. පට්ටයිනෙ. බොක්කෙන්ම තෑන්ක්ස්.

      Delete
  7. කොහොමහරි ලෙඩේ ගොඩදාගන්න බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ප්‍රසන්න. එතකල් එකක් දාපංකො. උඹේ කමෙන්ට් නැති පෝස්ට් නිකං ලුණු නැතිහොද්ද වගේ. අර ඩීඩීටියත් එහෙමනෙ. මම බලාගෙන ඉන්නෙ උමලගෙ කමෙන්ට් කියවන්න.

      Delete
  8. ඔන්න ලින්ක් තුනම මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නියමෙට වැඩ කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  9. ඔය අප්ඩේට් වෙන්නේ... දැන් හරි වගේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. මගේ නම් අප්ඩේට් වෙනවෝ...:)

    ReplyDelete
  11. ඩූඩ්ගේ රෝගයෙන්ම , මමත් කාලයක සිට පීඩාවිදින්නෙක්මි. අවසානයේ ප්‍රතිකාර කරන එකද නැවැත්වූයෙමි. :D :D

    ReplyDelete
  12. අනේ ඉතින් මට බ්ලොග් එකක් නෑනේ…..මම මේ පෝස්ට් එක ෆේස් බුක් ශෙයාර් කරන්නම්….එතකොටත් සමහර යාලුවො දකීවිනෙ…. ඩුඩ් ඔය ප්‍රශ්නේ ඉක්මනටම හරියයි….. we miss your Blu Jeans blog…

    ReplyDelete
  13. ලස්සන ෆොටෝ එකක්

    ReplyDelete
  14. මං හිතන්නේ දැන් ඩුඩ් ගෙ බ්ලොග් එකේ ලෙඩේ සනීපයි. එක දිගට පොස්ට් තුනක්ම රෝලේ උප්දටේ වෙලා තියෙනවා උඩින්ම

    ReplyDelete
  15. පෝස්ට් තුනක්ම එක ලගම මඒ රීඩරේ නම් අප්ඩේට් වෙලා.. කාලෙකට කලින් මටත් ඕක උනා.. අපේ මලයා තමයි ගොඩ දාලා දුන්නේ..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>