Monday, March 4, 2013

50. ගතානුගතිකත්වයෙන් ඔබ්බට.

රයිගම හන්දිය ලියලා තිබ්බ ඇඟට ඇල්ලුවාම දෙදරන පොඩි ටෝර්ච් එකක් කියන පෝස්ට් එක ඇත්තෙන්ම ජනසංසදයෙ පළ වෙලා තිබ්බ තවත් ලිපියකට ප්‍රවේශයක්.

රයිගම කරපු වැඩේ හරිය කියලා මට හිතුනේ, මේ වෙනකොටත් ජනසංසදේ ඒ පෝස්ට් එක කියවලා තියෙන්නෙ කීදෙනෙක්ද කියලා බැලුවාමයි. ඇත්තෙන්ම ජනසංසදය කියන්නෙ මම නිතර ගැවසෙන බ්ලොග් අඩවියක් නෙවෙයි. ඒක ලියන්නෙ කවුද කියලාවත් මම දන්නෙ නෑ. ඒ නිසා පෞද්ගලික දැන හැඳුනුම් කමක් කොහෙත්ම නෑ. ඒ එක්කම මේ සාකච්ඡාව මෙහෙයවපු ජයසිරි අලවත්ත මහතා ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ.

ඒ වගේම මේ අදහස් ප්‍රකාශ කරන සමරසිංහ ගුණසේකර මහතා ගැන මම ඇහුවෙත්, රයිගමගෙ පෝස්ට් එක කියෙව්වට පස්සෙ. ඒ නිසා ඔහුගේ දේශපාලන දර්ශනය, වෙනත් මතවාද, ආකල්ප ගැන මම මෙලෝ හසරක් දන්නෙ නෑ.

ඒක වඩාත් හොඳයි කියලා හිතපු නිසාමයි මම ඔහු ගැන ගූගල් දෙයියාගෙන අහන්න වත් ගියේ නැත්තෙ. ඔහුත් මාත් අතර ඇති සම්බන්ධය මට වඩා හුඟක් ජ්‍යේෂ්ඨයෙක් වුනත්, ඔහුත් ගුරුවරයෙකු වීමත්, ඔහුගේ අදහස් මගේ අදහස් වලට "යම් තාක්" දුරකට සමාන වීමත්.

නමුත් මට එකක් හිතුනා. ඔහු අපේ කොල්ලන්ට කෙල්ලන්ට වඩා අදහස් අතින් ගවු ගානක් ඉදිරියෙන් ඉන්න බව නම් නොකියාම බැහැ,

මේ පෝස්ට් එක තරුණ ඔබ කියවිය යුතුමයි. ඇත්තෙන්ම ඔබ ඔහු හා එකඟ වෙන්න අවශ්‍ය නෑ කොහෙත්ම. නමුත් මෙය ඔබේ ඇස් අරවන්නක් වීම නම් සිකුරුයි. ඔහු කතාකරන මාතෘකාව ගැන පමණක් නොවේ. ජීවිතයේ වෙනත් මානයන් ගැන පවා.

ඊට පෙර,  කතන්දර හා මම රයිගම්ගෙ බ්ලොග් අඩවියේ මේ සම්බන්ධ දැමූ ප්‍රතිචාර හා ඊට පොඩි කුමාරිහාමි දැක්වූ ප්‍රතිචාරයත් රයිගම් දුන් පිළිතුරත් උපුටා මෙහි දැමීම ගැන ඔවුන් කිසිවෙක් විරුද්ධත්වයක් දක්වන එකක් නැති යයි මා විශ්වාස කරනවා.

kathandarakaraya: ඔය ලිපිය මා කියවූ වෙලේ මටත් හිතුනේ මේ ගැන ලියා පොඩි ප්‍රමොෂන් එකක් දෙන්න ඕනෑය කියායි.
යූ ස්ටෝල් මයි තන්ඩර්!
අපි දෙන්නාටම එකම හිතුන එකත් හරි පුදුමයි නේද? එක්කෝ සමහර විට පුදුමයකුත නෑ!

henryblogwalker the Dude:මම ඒ ලින්ක් එකෙන් ගිහින් ඒක කියෙව්වා මචං. ඇත්තෙන්ම ඒ ලින්ක් එක දුන්නට උඹට ස්තුතිවන්ත වෙනවා.
කාලෙකට පස්සෙ මනුස්සයෙක් කතාකරනවා ඇහුනා bullshit නැතුව.
මමත් කියන්න හදන්නෙ ඕකමයි මචං.
සමහර යෞවනයො ඉන්නෙ අදහස් අතින් ඔයිට හුඟාක් පිටිපස්සෙන්. මට වැඩිය ගතානුගතිකව හිතන තරුණ පරම්පරාවක් තමයි මට නම් නිතර මුන ගැහෙන්නෙ.

Praveena: //මට වැඩිය ගතානුගතිකව හිතන තරුණ පරම්පරාවක් තමයි මට නම් නිතර මුන ගැහෙන්නෙ.//
සහතික ඇත්ත!
උදාරහණ: ලංකාවේ බඳින්ට වයසේ පිරිමි ලමයි. හපොයි කියලා වැඩක් නෑ. බඳින්ට ඉන්න ගෑනු ලමයි ගැන හිතන විදියා ඇහුවාම අපේ අප්පච්චිලාගේ කාලේ අයද කියලත් හිතෙනවා. :-D :-D

Raigamahandiya: My pleasure machan! උඹට මේවා ගැන හොඳටම අත්දැකීම් ඇතිනේ. මටත් හිතා ගන්න බැහැ එහෙම වෙන්නේ ඇයි කියන එක. සමරසිංහ මහතා කියන පරිදි එක විෂයක කොටු වීමෙන් හා සාහිත්‍යය, සාමාන්‍ය දැනීම වගේ දේවල් නොදැනීම, එහෙම වෙන්න පුළුවන් එක හේතුවක් කියා අනුමාන කරන්න පුළුවන්.

එහෙනම් මෙන්න සබැඳියාව.


පාසල අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව ආගම ඉගැන්වීම - සමරසිංහ ගුණසේකර

44 comments:

  1. ස්තුතිය් හෙන්රි පාරක් පෙන්නලා දුන්නට ගිහින් බලලම එන්නම් එතැනට.

    ReplyDelete
  2. සමරසිංහ ගුණ‌ෙස්කර කියන්නේ අපේ ගම මාතර කියලා බො‌ෙහාම රසවත් පොතක් ලියපු කෙනෙක්.. තව පොත් ඇති.. නමුත් මම කියවපු එකක් ඒක... ඒත් ගොඩක් අය නොදන්නවා ඇති හිත හොඳ දොස්තර කියලා ( Doctor Do Little ) පොත් මාලාව බොහොම ලස්සන, කියවන්න කියවන්න ආස හිතෙන භාෂාවකින් පරිවර්තනය කරලා තියෙනවා එතුමා... මීට අවුරුදු 3-4 කට කලින් මම පොත් ප්‍රදර්ශනේදි ඔය පොත් ටික හොයාගෙන ගිය වෙලාවක එතුමාගේ බුක් ස්‌ටෝල් එකේදි එතුමා මුණගැහිලා කතා කරන්න අවස්ථාව ලැබුනා... ඒ වෙලාවෙ එතුමා ඇහුවා මෙච්චර මේ පොත් ටිකට ආස ඇයි කියලා... මම කිව්වේ මට ඒ පොත් කවදාවත් කියවලා පැත්තකින් අරන් තියන්න හිතෙන්‌නේ නෑ.. ඒ තරම් රසවත් කියලා... ඉතිං එතනදි මගේ වයසේ කෙනෙක් මේ පොත් වලට ආස වෙච්ච එකේ සතුටත් එක්කම එතුමා ගොඩක් වෙලා මේ වගේ නිර්මාණාත්මක දේවල් වලට අපේ රටේ ළමා පරපුර ළං නොවෙන්න හේතු වගේ දේවල් කතා කළා... අන්තිමට තමයි එතුමාගේ අපේ ගම මාතර පොතේ අත්සනක් එහෙම දාලා මට දුන්නේ... මම ඒ වෙලාවේ තේරුම් ගත්ත දෙයක් තමයි මේ මනුස්සයා ගතින් වයසට ගියත් හිතින් නම් තාම පොඩි ළමයෙක් වගේ හිතන්න පුළුවන් කෙනෙක් කියන එක... හරිම සුහදශීලි කෙනෙක්...

    ජන සංසදයේ ලින්ක් එක බලන්න වෙන්නේ හෙට... එතකම් මේ කමෙන්ට් එක දැම්මේ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපි නම් හැමදාම ලියන්නේ මේ අදහස්ම තමයි. ඒත් උඹ දැකලා ඇති නේ එල්ලවන නිර්දය විවේචන. මීටත් වඩා සමාජය පිරිහිලා ඉවරයි. ඒක වේගවත් උනේ. 94 ඉඳන්. පාළකයන් හා අධ්‍යපන ඇමතිවරුන්ට අර ගමේ මිනිස්සු කියනවා වගේ හෙන හතම ගහන්න ඕන. ඔක්කෝම අමතක කරමු. ඒ 3 ක් ගන්න දරුවන්ට, කැම්පස් යන්න බැරි රටක ජීවත් වෙලා මක්කටද.. මෙහෙම බය නැතුව කතාකරන එකත් ළොකු දෙයක්. උඹ බලපන් මගේ පෝස්ට් වල මේ මත හැම එකම තියෙනවා...

    ReplyDelete
  5. රවුමක් දාලා බලලා එන්නම්

    ReplyDelete
  6. නියමයි... ගිහින් බලන්නම්....

    ReplyDelete
  7. මොකක්ද අප්පා මේ.....?

    ලින්ක් දෙකටම ගිහින්ම එන්නම්කෝ. මොකක් හරි කියන්න. (අදනම් අපබ්‍රංශ වගේ)

    ReplyDelete
    Replies
    1. කටපාඩම් මැනවින් දන්නා ගිරා පෝතකයින් නිෂ්පාදනය කිරීමට එරෙහිව නැගී සිටින්නට කාලයයි මේ....

      Delete
    2. සිකේ සිකේ.... මං පනහා දැක්කේ නෑනේ....

      ඔන්න පරක්කු වෙලා හරි සුභ පතන්න ආවා.

      [si="2"][co="red"][hi="yellow"]හැපීම හැපී පනහක්ම වේවා! පනහා පන්සීය වෙලා පන්දාහක්ම වේවා!![/hi][/co][/si]

      Delete
  8. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ සහෝදරය;
      මම මාතලන් ගේ ලිපි කැමැත්තෙන් කියවන පුද්ගලයෙක්.ඔහුගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන අයව දැකීමෙන් ඔබට ඇතිවී තිබෙන අමාරුව එසේ මෙසේ අමාරුවක් නොවෙන බවනම් පැහැදිලිය.ඔහුගේ ලිපි නීරස උන දවසක කවුරුත් කියවන එකක් නැහැ.හැබැයි මටනම් කියන්න තියෙන්නෙ දවසින් දවස මාතලන් රසවත් ලිපි ගෙන එන බවයි.ඔබ වහාම වෛද්‍යවරයකු හමුවෙලා ප්‍රතිකර්මයක් කරවගන්න.ඕකට හොදම ප්‍රතිකර්මය තියෙන්නෙ කටු චිකිත්සාවේ.


























      Delete
    2. සම හරක් ඇනෝලව නම් බ්ලොග් ලෝකයෙන් අතුගාල දාන්න කාලෙ හරි කියල හිතෙනවා.

      Delete
    3. සමහරක් ඇනෝලා පදනමක නැතුව අනිත් අයට අපහාස කරනවා

      Delete
  9. කියවලා බලලම ක්මෙන්ට් එක දාන්නම් හොදේ..

    ReplyDelete
  10. ඇත්තටම ඒ ලිපිය කියෙව්වාම ලංකාවේ ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ ගැන දැනුනේ කණගාටුවක්. සමහර විට ගොඩක් දෙනෙක් හිතන විදිය වෙනස් වෙන්නේ නැත්තේ අධ්‍යාපනයේ වැරැද්දක් නිසා වෙන්ට ඇති. ඔවුන් 'ගතානුගතිකත්වයට' මැදිවෙලා ඉන්නේ ඒ හන්දත් වෙන්ට ඇති.

    ලංකාවේ අද කාලේ ලමුන්, විශේෂයෙන් පිරිමි ලමුන් ගැන කතා කරන්ට ගියොත් බැනුම් අහන්ට වෙන හන්දා ඒ ගැන වැඩිපුර යමක් නොකියන්ට හිතුවා. ඒත් ඉතින් බැන්නත් කියන්ට තියෙන්නේ, තාමත් ගෑනු ලමයින්ට වඩා ගතානුගතික අදහස් වැඩිපුර ඇත්තේ පිරිමි ලමුන්ට බවයි. :D

    ReplyDelete
  11. [box]රයිගම්ගෙ පෝස්ට් එක හරහා ගිහින් මම ඒක කියෙව්වා... අපේ මිනිස්සු හැම අසාධාරනයක්ම ඉක්මනින් අමතක කරල දාල, තමන්ට සිදුවෙන හැම කරදරයක්ම තමන්ගෙ කරුමේ කියලා නිහඬව පාඩුවේ ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලැබුනා. ලංකාවේ අධ්‍යාපනයෙන් ශිෂ්‍යයාගෙ කොන්ද කඩන හැටි පෙන්නලා තියෙන්නෙ.[/box]

    ReplyDelete
  12. හෙන්රි අයියේ මේල්ලුවක් දැම්මා දැක්කද

    ReplyDelete
    Replies
    1. මේ හදනවා. පොඩ්ඩක් හිටහං.

      Delete
    2. අන්න එව්වා. ඔක්කොම බලාපං.

      Delete
  13. මෙහෙමයි හුගක් දේ අවබෝධ වෙන්න සෑහෙන්න කාලයක් යනවා. මං හිතන්නෙ ඒකටත් තුන්කල් බලන්න ඕන වෙනවා.. නැත්නං යහපත් මිනිසුන් කියන හැමදේම අපි අහන්න එපායැ. ඒත් එතුමාගේ උත්සාහය අගය කරන්නේ කියවල බලල කිහිප දෙනෙකු හෝ එම අදහස් ධාරණය කරගන්නවානං වටින නිසා.

    ReplyDelete
    Replies
    1. අඩේ මේ හම්පඩ ඩෙනිමේ පනස් පාරක් ලෑටි ගාපු එකට බොට උම්ම එකක් දෙන්ට ඕනමයි.. උම්මා..............

      Delete
  14. ..............පනස්වෙනි පෝස්ටුවට සුභ පැතුම්..........
    කඩඉම් පෝස්ටුව අපිට ආපහු හිතන්න දෙයක් ඉතුරු කරන පෝස්ටුවක් වුන එක ගැන ආචාරය!!

    ගුරුවරු යාවත්කාලීන කරන එක ප්‍රශ්නයේ එකපැත්තක් විතරයි..දෙගුරුන් නිසා තමයි ගුරුවරයා මේ ආකාරයට හැසිරෙන්නේ..ගුරුවරුන්ට කලින් ළමයාගේ කොන්ද කඩන්නේ දෙමව්පියන් කියලයි මට හිතෙන්නේ..!!

    ReplyDelete
  15. ස්තුතියි ඩුඩ් ලින්ක් එකට, ඉතාම හොඳ ලිපියක් බොහෝ දේවල් වලට එකඟයි. මේ කරුණ ගැන පමණක් එකඟ නැහැ.

    //අපිට ආගමෙන් දීල තියනව බොහොම භයානක සංකල්පයක්. විශේෂයෙන් ම මේ භික්‍ෂුව මුල්කරගත්ත ආගමෙන්. හිනා වුනොත් අඩන්න වෙනව. මල් පිපුනොත් පරවෙනව. මේ සියල්ල අනිත්‍යයි. ඉතිං අද ගැන කතාකරන්න බයයි. ඒ නිසා තමයි අර අතීත වන්දනාව කරන්නෙ. නමුත් අතීතය මෙයින් දශමයක් හොඳ නෑ. //

    මෙන්න මෙතැන් ටිකක් වරද්දාගෙන, බොහෝ දෙනෙක් වර්ද්දගන්නෙත් මෙතන තමයි. බුදු දහමේ එක අනිත්‍ය සංකල්පය. ඇයි මේකට මෙතරම් බය, සැබව මෙය නේද? බුදු දහමට අනුව කිසිම තැනක මේ දේවල් අනිත්‍ය දේවල්, ඒ නිසා ඒ දේවල් ගැන හිතන්න, පරිහරණය කරන්න එපා කියලා නැහැ. එහිදී කියාදෙන්නේ සහ අප පරිහරණය කරන සියලුම දේවල් අනිත්‍ය බව දැනගෙන පරිහරණය කරන්න කියල. අවබෝධ කල යුතු වන්නේ අන්න ඒ දෙයයි. අපි පරිහරණය කරන සියලුම දේවල් වෙනස්වන සුළු සහ වහා නැතිවී යන ස්වභාවයෙන් යුක්ත බවයි, එතකොට ඒ දේවල් වෙන්ස්වෙනකොට හරි නැතිවෙනකොට හරි අපිට දැනෙන දුක අඩුවෙනවා.

    //දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්.//

    මෙන්න මේ දේ ගැන 100% එකඟයි. පාසලේ ආගම කියලා උගන්නන්නේ මොනවාද?නිකම් මොන මොනවා හරි කාරනා ටිකක් මතුපිටින් කියලා දීම, එක ඝරියට අන්දයෙක්ට ගෙවිලා පොට්ට වෙච්ච කාසියක් දීලා එකේ වටිනාකම අහනවා වගේ වැඩක්. මොකද ඒ කාසිය ගෙවිලා නිසා නදයාට එක අටගාලා වටිනකන ගැන නිගමනය කරන්න බැහැ.


    //අවසානෙදි ජනතාවගෙ පරම හතුරො වෙන්නෙ පාසලේ කථික තරගයෙන් දිනපු ළමය. ඊළගට දහම් පාසල් අධයාපනය. දරුවට ඉරිදට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. දෙමාපියන් එක්ක ඉන්න. සින්දුවක් අහන්න. චිත‍්‍රපටයක් බලන්න. දහම්පාසලට යවල ළමයගෙ වටිනා කාලය පැහැරගන්නව. //

    අසව්.. අසව්... මෙන්න ඇත්ත. උඹ දන්නවද මචං මම දහම් පාසල් ගිහින් තියෙන්නේ එකම එක දවසයි. ඒ දවසෙම මට දහම් පාසල එපා උනා. මගේ කොල්ලෝ දෙන්නත් දහම් පාසල් ගියේ නැහැ. මොනවද ඔය දහම් පාසලේ කරන්නේ, එතනත් ඔය කියලා තියෙන ලෙසම තරගෙ, විභාගේ මොන කරුමයක් ද දන්නේ නැහැ.

    අපොඕ කොමෙන්ටුව දිග වැඩි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ මචෝ =සමාවෙන්ට ඕනේ 50 වැනි එකට සුබපතන්න බැරි උනාට.

      [co="red"]හැපී බර්ත් ඩේ ඈ ......[/co]

      Delete
  16. 50ක් ලියලා කියලා දැනුයි දැක්කේ. සුබ පැතුම් ...:)

    ReplyDelete
  17. කියෙවුවා .. හුඟක් ඒවා ගැන එකඟ උනත් සමහරක් ඒවා එක්ක මම එකඟ නැහැ. එවුවා ලියන්න ගියොත් මේක තව බ්ලොගක් වෙයි..

    ReplyDelete
  18. 50 වෙනි ලිපියට සුබ පැතුම්.

    මේ රටේ ඉන්න ගොඩක් උංගෙ සාමාන්‍ය දැනීම පැත්තනං අන්තිමයි තමයි.

    ReplyDelete
  19. ලංකාවේ අයනම් ලේසියෙන් ගතානු ගතිකත්වයෙන් මිදෙන්නෙ නැහැ කියල හිතෙනව කදාවත්.ඉපදීමේ ඉඳල මරණය දක්වාම එකම රටාවක් ඇතුලෙ ඉන්නෙ.සමර හොඳ උගත් අය පවා කේන්දරවල එල්ලිලා ඉන්නවා.( සමහරු නම් යාලුවෙච්ච ගෑණු ළමයගෙන් බේරෙන්නත් කේන්දරේ ඉස්සරහට දානවා )

    ගෑණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ට හොඳ යාලුවො වගේ ඉන්න බැහැ කියන මතේ තවමත් තියෙනව, ඒකට ගොඩක්ම බලපානව පිරිමි ඉස්කෝල , ගැහැණු ඉස්කෝල කියන බෙදීමත්. ලිංගික අධ්‍යාපනය උගන්වන එක ගැන කවදා අවධානයක් යොමු කරවිද මන්දා .ළමයි ඉති අන්තර් ජාලයෙන් ඕවා ගැන හොයන එකත් පුදුමයක් නෙවෙයි.

    විවාහයකදී උනත් පිරිමි ළමයි ඕනෙ තරම් පෙම්වතියො ඇසුරු කලත් විවාහ වෙන්න හොයන්නෙ නම් මැස්සෙක්වත් ඇඟේ වහපු නැති කෙල්ලෙක්ව ( එහෙම නැති පිරිමි ළමයි මාත් එක්ක තරහ වෙන්න එපා :). ගෑණු ළමයිනුත් එහෙමයි බඳින්න හොයන කොල්ල ගිය ඉස්කෝලෙ ,උපාධිය ගත්ත විශ්වවිද්‍යාල පවා හොයන අය ඉන්නවා. ඉතින් කවදා අපේ රටේ ගතානු ගතිකත්වය වෙනස්වේවිද?

    " 50වන පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් "

    ReplyDelete
    Replies
    1. සෝන්යා ඔබව මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  20. සමරසිංහ ගුණසේකර කියන නම බොහොම පුරුදුයි..මීටර් වෙන්නෙ නැතුව තිබ්බෙ. හිරූස් කිව්වම තමයි ඔන්න මතක් උනේ......

    ආය නෑ..කියලා වැඩක් නෑ...නියම අදහස් ටික. ඒත් ඒ එක්කම ඉහිලුම් නැති දුකක් හිතට එන්නෙ මේ බුදුන් උපන් බිමේ ඔව්ව කවදාකවත් ක්‍රියාත්මක කරන්න බැහැ නේද කියල හිතුවම...:( :(

    අහ්, පොඩ්ඩෙන්නං අමතක මතක බැරි වෙනව... 50 ට සුබ පැතුම් හොඳද?

    ReplyDelete
  21. මට නම් ඒ ලිපියේ එකඟ වෙන්න පුළුවන් කරුණු වගේම බැරි කරුණුත් තිබුන. තව හිතන්න ඕන කරුණුත් තිබුන. මොක උනත් හොඳ ලිපියකට පාර කිව්වට ස්තුතියි ඩුඩ් අයියේ. උදේ මේ පෝස්ට් එක දැක්කත් අර පෝස්ට් එක කියවලාම කමෙන්ට් කරන්න හිතපු නිසයි පොඩ්ඩක් පරක්කු වුනේ.
    අර්ධ ශතකයට සුබ පැතුම්..!

    ReplyDelete
  22. [si="6"]මගේ ඩෙනිමේ පනස් වන ලිපියට සුභ පැතූ ඔබ සෑමටම මගේ හද පිරි ස්තුතිය!

    මේ ලිපියේ අන්තර්ගතය ගැන ඔබ දරන අදහස් වලට මම පිළිතුරු දීමත්, ලිපියේ පළකල මගේ අදහස පුනරුච්චාරනය කිරීමත් අර්ථ ශූන්‍ය බවයි මගේ හැඟීම.

    නැවතත් ඔබ සැමට ස්තුතියි. :)[/si]

    ReplyDelete
  23. 50ට සුභ පැතුම් සර්.ගිහිල්ලම බලන්නම්කෝ ලින්ක් එක පස්සේ.

    ReplyDelete
  24. 50ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. ගුණසේකර මහතාගේ සමහර අදහස් සමග නම් එකඟ වෙන්න බැහැ. නමුත් ඒ සඳහා දීර්ඝ විස්තරයක් ලියන්න වෙනවා. මේ බ්ලොග් එක ඔහුගේ වුනානම් ලියනවා. හැබැයි මටත් හිතෙනවා ඔහු හමුවී සාකච්ඡා කරන්න තිබුණානම් හොඳයි කියලා.

    50 ක් ලියලා හති අරින්න එපා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  26. [co="red"].......මුලින්ම ඩුඩ් සුබම සුබ 50 වෙනි පෝස්‍ටුවක් වේවා!!!තව තවත් ගොඩක් පෝස්ට් ලියන්න වාසනාව ශක්තිය ලැබේවා!!!! අපි ඩුඩ්ගෙ බ්ලොග් කියවන්නෙ හරිම ආසාවෙන්...තව තවත් ලස්සන පෝස්ට් ලියන්න

    මේ ලිපිය හරිම වැදගත්...මේක පෙන්නල දීල ඩුඩ් කලේ ලොකු දෙයක්...ඇත්ත...මුලු ලෝකෙම දියුනු වෙද්දි පාසල් විතරක් එකම තැන තිබීම ප්‍රශ්නයක්...

    ආයෙම සැරයක් අපේ සුබ පැතුම්!!!!!..................[/co]

    ReplyDelete
  27. සුභ පැතුම් ඩූඩ්..! 50ට

    ගොහින් බලන්නම්.

    ReplyDelete
  28. මම නම් ඒ පෝස්ට් එකට 100%ක්ම එකගයි.

    50 ට සුබ පැතුම්....!

    ReplyDelete
  29. පනහට සුබ පැතුම් ඩූඩ්.... මම නම් කියෙව්වෙ නෑ ඒක ඩූඩ්.. ටිකක් බරපතල වැඩියි වගේ හිතුන හින්දා කියෙව්වෙ නෑ..

    ReplyDelete
  30. ෂා මාර සතුටුයිනේ 50 ට ඔන්න මමත් සුභ පැතුවා එහෙනම්...අර ෆොටෝ එක ඇන්දේ කවුද අයියේ............?

    ReplyDelete
    Replies
    1. මම ඇන්දෙ උමා. කෙටිම කාලෙකින් නිම කරපු චිත්‍රය හැටියට වාර්තාවක් තියමින්.:D

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>