මේකත් උමේෂ් මට කියපු කතාවක්. 
මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම 
අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා 
ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.
දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් 
තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා, 
කොන්ඩෙ පිහදාල, චූට්ටක් අල්ලට හලාගෙන, කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු 
සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය 
බඩුවක්නෙ.