Monday, April 10, 2017

160. මැක් ලොජික්





In the loving memory of Mack:

මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක්  නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකු‍ටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.


Thursday, March 23, 2017

159. හදිසි අච්චාරුමය තත්වයක්...


 පිළිගැන්වීම: එළ ද බ්‍රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට:

ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය. ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට තියෙන්නෙ දවස් දෙකයි නැතිනම් තුනයිනේ. මම මේ මිල්ඩ්යූරා වල ඉන්න ආච්චියි සීයයි බලන්න යන ගමන්.

මේක අර ආසන තිස් හයේ පොඩි ගුවන් යානයක්.  පාන් වලත් අයිනෙ කෑල්ලට කැමති, බස් එකක කෝච්චියක ගියත් අයිනට පොරකන මට, අයිනෙ සීට් එකක් හම්බවෙලා තියෙන්නෙ හොඳ  වෙලාවට.  ඒ මදිවට, බෝනස් එකක් හැටියට මට ඒකට අල්ලපු අනිත් සීට් එකත් ලැබෙන්න වගේ යන්නෙ. හොඳට අතපය දිගෑරලා ආතල් එකේ යන්න හැකි එහෙම වුනානම්.  මම හිතන්නෙ නෑ තවත් කවුරුවත් ආයෙ එයි කියලා ඒකට.  වැඩි හොඳට, මම ඒක උඩ රබර් වලින් හදපු ඇත්තම එකක් වගෙ පෙනෙන, පට්ට සිරාම සෙල්ලම් බලු බෙට්ටකුත් තියලා තියෙන්නෙ.

Monday, October 31, 2016

158. ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි

පොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක  පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි.


රත්වත්ත බෝයිගෙ අහස්යාත්තරාව වර්ෂන් 2.0

Saturday, October 1, 2016

157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!



“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
 
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

 “කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”

Monday, September 19, 2016

156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!


පෙරවදන:

මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.

කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ.  කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.

දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.

නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.

Wednesday, September 7, 2016

155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CV


Photo Daniel Denis - 2CV Magazine



හොලිවුඩ් සිනමාවට ලැබුන ඕස්ට්‍රේලියානු දායාදය වන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟපෑ  Mad Max නම් ඕස්ට්‍රේලියානු චිත්‍රපටය ඔබ බලලා තියෙනවද?  විශේෂයෙන්ම Mad Max 2. එතකොට,  අසූව දශකයෙ විතර පෙන්නපු ලෝක ප්‍රකට අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන MacGyver බලලා තියෙනවද? මැක්ගයිවර් කියන වචනය අදත් ව්‍යවහාර වෙන්නේ, ඉතාම සීමිත සම්පත් යොදාගෙන, තමන්ට අවශ්‍ය නිර්මාණය ඕනෑම තත්වයක් යටතේ කරන්න හැකි  උපාය ශීලී, තීක්ෂණ බුද්ධියක් ඇති, නිර්මාශීලී, බහුකාර්ය පුද්ගලයෙක් ගැන විස්තර කරන්නයි. මම මේ ඔබට කියන්න යන කතාව ඇහුව ගමන්ම මගෙ හිතට ආවේ මෑඩ් මැක්ස් සහ මැක්ගයිවර් සුසංයෝගය.

Thursday, July 28, 2016

154. උණුවන හදවත / The Kindhearted One!




 


ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්.  ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්.  අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තො‍ටුපළේම ප්‍රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික සංකේත, ඇල්කොහොල්, ඌරුමස් හා ඌරුමස් අඩංගු නිෂ්පාදන වලට අමතරව බල්ලොත් ඇතුලත් වුන නිසා ඔහුට මාලු ටැංකියකින් පමණක් සෑහීමට පත්වෙන්න සිදුවුනා.

Tuesday, July 19, 2016

153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දු‍ටු රුසියාව 1

 





 


ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා.  ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා.  නැවුම්  ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන  හතක  රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ  පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා.

Saturday, July 2, 2016

152. මීටරේ ගැන මොනලොග් එකක්.


සිරාවටම හොල්මං වෙනව ඕයි.

ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි  ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං,  ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.

ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ.   ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.

Monday, June 20, 2016

151. අසිහිය / PIT STOPS ON THE HIGHWAY

Never Leave Home Without Them!
ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්,  ඒ වගේම සාක්කුවේ  සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ.  ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක,  සේවයට සරිලන වැ‍ටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.

Wednesday, April 6, 2016

150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '

Friday, April 1, 2016

149. අපේ ඉංගිරීසි සෑර්.




මම ගිය පාර ලියපු තක්කාලි කතාවට 'අපේ රූ' කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා...

රූ....March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..

Tuesday, March 22, 2016

148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.



ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්,  ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත්  දුෂ්කර ,  සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ   අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා.

Wednesday, February 24, 2016

147. මඩ - 3 (අවසාන කොටස)

අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි.  අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ?

Wednesday, February 10, 2016

146. මඩ - 2

Christopher Atkins from my favorite movie Blue Lagoon

 "ඩාං"

("ඩාං" ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)


"තාත්තේ" මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

"මොකද?" තාත්තා කෙඳිරි ගානවා.

"තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?"

"වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? තාත්ත කියන්නේ මැසිවිලි හඬකින්.

"අපි ගෙට ඇතුල් වෙන්න වෙන විදියක් බලමු."

"වෙන විදියක් ඇත්තේ නෑ.  දොරවල්  වලට ඩබල් ඩෙඩ් බෝල්ට් දාලා තියෙන්නේ. ජනෙල් වලට පොලු දාලා. අපි යකඩයක් දාලා ජනෙල් පොලු නවලා ඈත් කරන්න හැදුවොත් අපි ගෙට රිංගන්නත් කලින් අර මෝෂන් ඩිටෙක්ටර්  වලින් අලාම් එක වැදිලා පොලීසියෙන් මෙතනට එනවා."

Thursday, February 4, 2016

145. මඩ


  


මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.
ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

"තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!"

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.
 

Thursday, January 28, 2016

144. දෙන්නම අධ්‍යක්ෂලා.



Photo from Facebook page of Gamini



මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?



Sunday, October 18, 2015

143. ඒ පාහර වැඩේ කලේ කවුද?



කාර්යාල සේවක මගියා: වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.  

කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය.
දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු 'කල්ලි' යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.


Friday, October 16, 2015

142. මාරකය. IN THE AFTERMATH OF AN ORDEAL


අද ජීවිතේ බේරුනේ පුදුම විදියට.  මේ සිද්දිය වෙලා විනාඩි කීපයකින් මම මේ කතාව මගෙ HeyDude බ්ලොග් එකට ලිව්වා මේ විදියට.

IN THE AFTERMATH OF AN ORDEAL

My dear HeyDude,

My wife is cooking in the kitchen. She doesn't have the faintest idea that I nearly died 30 minutes ago. I didn't make up my my mind whether to tell her about my ordeal or not...

මම ඒ පෝස්ට් එක ලියන වෙලාවේ මේ කතාව සිංහලෙන් ලියන්න කිසිම අදහසක් තිබුනේ නෑ. නමුත් දැන් මම අදහස වෙනස් කරගත්තා.

හිතවත් HeyDude (මේ මගෙ මුල්ම බ්ලොග් එකේ නම, - නොදන්න අයට)

...බිරිඳ කුස්සියේ උයනවා.  මම මීට විනාඩි තිහකට කලින් නූලෙන් මරණෙන් ගැලවුනු බව ඈ දන්නෙ නෑ.

Sunday, September 27, 2015

141. එන්න සැහැල්ලුවෙන් සිනාසෙන්න.



පින්තූරය උපුටා ගැනීම Fun Kolla Facebook පි‍ටුවෙන්

 කරදර අමතක කරලා සතුටින් ජීවත් වෙන්න කැමති නිසා වෙන්නැති,  මම පත්තරයක් අතට ගත්තත්, සඟරාවක් අතට ගත්තත්, ඉස්සෙල්ලම බලන්නේ හිනා කතා. ඇත්තෙන්ම කිව්වොත්, මම ඔය ජීවිතේ එපා කරවන (depressing) චිත්‍රපටි බලන්නත් කාලය යොදවන්නේ නෑ.

මගෙ 'මෙතෙක් කතාව සහ එතැන්සිට' කියවලා, (විශේෂයෙන්ම දෙවන කොටස) අවපීඩනයට පත්වෙච්ච අයට මොකක් හරි සහනයක් සලසන්න ඕනෙ කියලා මට හිතුනා.  අන්න ඒ නිසාමයි මේ පෝස්ට් එක ලියන්නේ. හුඟ දෙනෙක් කියන විදියට මූඩ් ‍ෆික්ස් කරන්න.